ගල්වැව සිරිධම්ම හිමි ඇප ලබති… ඇප ලැබූ වසන්ත මුදලිගේ වෙනත් නඩුවකට යළිත් ඇතුළට දමයි! (වීඩියෝ සහිතයි)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90ක් රඳවා තබාගැනීමෙන් අනතුරුව පොදු දේපළ පනත යටතේ තවත් නඩුවකට රක්ෂිත බන්ධනාගාරගත කළ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සභාපති  ගල්වැව සිරිධම්ම හිමියෝ අද (12) ඇප මත  නිදහස්වූහ.

බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක් අතර තුර අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන ගේට්ටුවට හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුරම් කරු වසන්ත මුදලිගේ අද කඩුවෙල අධිකරණයට ඉදිරපත් කළ අවස්ථාවේ දීය.

අධිකරණ නියෝග මත ගල්වැව සිරිධම්ම හිමි හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදරිපත් කළ අතර එහිදී එක් පැමිණිලි කරුවකු හඳුනා ගැනීමට ඉදිරිපත්ව සිටි අතර ඔහුට සිරිධම්මි හිමි හඳුනා ගැනීමට නොහැකි විය.

අධිකරණයට ඉදිරිපත් කළ සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ  රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත් මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිකා විජේබණ්ඩාර   නියෝග කළාය.


ඇප ලැබුණු සිරිධම්ම හිමි අධිකරණයෙන් පිටව ගියහ.  උන්වහන්සේ ප්‍රකාශ කළේ අර්බුදය තවමත් ඉවර නැති බවත් මේ මහා පීඩාවෙන් ජනතාව නිදහස් කරගන්නා තුරු අරගලය සක්‍රීයව දායක වන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් තවත්  නඩු කටයුත්තක් සඳහා  වසන්ත මුදලිගේ  යළිත්   බන්ධනාගාරයට රැගෙන ගියේය. මේ එම අවස්ථාවය.

Exit mobile version