ගල්කිස්සේ … මුදු වෙරළේ … අද ඉරාජ් ගිහින් මොකක්ද කළේ

ගල්කිස්ස මුහුදු තීරයේ කෘත්‍රිම වෙරළක් නිර්මාණය කිරීමට ගොඩ කළ වැලි තීරය මුහුදට සේදීම පිළිබඳව වාර්තා වැඩසටහනක් සකස් කිරීමට ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණයට සම්බන්ධ වෙබ් නිර්මාණකරුවකු වන ඉරාජ් වීරරත්න සහ තවත් රජයට හිතවත් මාධ්‍ය පිරිසක් අද උදෑසන එම ප්‍රෙද්ශයට ගොස් ඇති අතර එම වැඩසටහන සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයට කිසිදු බාහිර පුද්ගලයකුට ඇතුළු විය නොහැකි ලෙස රැකවල් යොදා තිබූ බව වාර්තා වෙයි.

ඔවුන් මෙහි පැමිණ රෑගත කිරීම් සිදු කොට ඇති අතර ඒ අසලටවත් යන්නට බාහිර පුද්ගලයන්ට ඉඩක් නොලැබුණු බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වෙරළ තීරය ගල්කිස්ස, රත්මලාන සහ කළුතර කැලිඩෝ වෙරළ තීරයේ කෘත්‍රිම වෙරළක් නිර්මාණය  කිරීමේ වැඩසටහන යටතේ යන්ත්‍ර මඟින් වැලි පුරවා ගොඩ කෙරුණේ මීට සති කිහිපයකට පෙරය. මෙම ඛාදනය ස්වාභාවිතව සිදුවන බලාපොරොත්තු වූ තත්ත්වයක් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version