ගල්කිස්සේ ආසාදිතයා තමන් ආසාදිත බව නොදැන රට පුරා සංචරණය කරලා…

ගල්කිස්ස අත්තිඩිය උතුර කොට්ඨාසයේ පදිංචි ඇඟලුම් කම්හල් සඳහා සේවා සපයන පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ පසු ඔහුගේ ආශ්‍රිතයන් සොයා යෑම අතිශය සංකීර්ණ කටයුත්තක් වී ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

සංචරණ සීමා පනවා නැති පරිසරයක තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව නොදැන ඔහු ගල්කිස්සේ සිට බෙලිඅත්ත දක්වාත්, නැවත රටේ විශාල ප්‍රදේශයකයකත් සංචරණය කර ඇතැයි වාර්තා වේ. පොදු ප්‍රවාහන සේවා මෙන්ම ත්‍රි රෝද රථ ද, ගමනා ගමනය සඳහා භාවිත කර ඇති බවත්, ආහාර පාන අවශ්‍යතාව සඳහා හෝටල් ගණනාවකට ගොස් ඇති බවත් හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මෙම පුද්ගලයා රෝහල්ගත කර ඔහුගේ පවුලේ අය වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. ගමේ පවුල් අටක් ස්වයං නිරෝධානයට ලක් කර තිබේ.


Exit mobile version