ගලධාරී මත්පෙති ජාවාරමත් හිරකූඩුව ඇතුළේ සිට කළ එකක්

කොළඹ ගලදාරී හෝටලයේ දී අත්අඩංගුවට පත්වුණු මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනා මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින පාතාල අපරාධකරුවෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කොළඹ තරු හෝටල්වල සමාජ ශාලා ආශ්‍රිතව කෙරෙන මේ මත්පෙති ජාවාරම ගැන කලක සිට තොරතුරු ලැබෙමින් තිබුණු බවත්, මෙම පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යද්දී අපරාධය මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරය තුළ සිට බවත් තොරතුරු අනාවරණය වී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුරියර් සේවයකින් ලැබුණු බව කියන මෙම මත්ද්‍රව්‍ය තොගය අතර දෙකොටි අසූලක්ෂයක් වටිනා මත්පෙති පන්දහස් හයසීයක් සහ හෙරොයින් තිබුණු බව පොලිසිය පවසයි.


Exit mobile version