ගම්මන්පිලගේ විශ්වාසභංගය අද – ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් මත දෙකක!

බලක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංගය අද (19) විවාදයට ගැනීමට නියමිතය. කෙසේ වුවද ඊයේ රාත්‍රිය (18) වනවිටත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අතර ඒ පිළිබද මත දෙකක් පැවැති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමක් පැවැති අතර එහිදී මේ පිළිබද අදහස් දැක්වීම් පැවැති නමුත් අවසානයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණී බව සඳහන් වේ.

කෙසේනමුත් මේ පිළිබද ව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර එක් කණ්ඩායමක් ඔහු ට එරෙහිව ගෙනෙන විශ්වාස භංගය ජයග්‍රහණය කරවන අදහසක සිටි බව සඳහන් වේ. කෙසේ වුවද අග්‍රාමාත්‍යවරයා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඊට වෙනස් මතයක සිටි බව සඳහන්ය. ඇතැම් මන්ත්‍රීවරුන් අද හෙට දින දෙකේදී මෙම විශ්වාසභංග මැතිසබේ කටයුතුවලින් ගැලවීමේ අභිප්‍රායෙන් විවිධ උපායමාර්ග සොයමින් සිටින බවටත් ඇතැමුන් හදිසි අසනීප තත්ත්ව පෙන්වා පාර්ලිමේන්තුව අද මෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන හෙට දිනයද මඟ හැරීමේ උත්සාහයන් පිළිබඳවද ආරංචි මාර්ග අනාවරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද මෙම විශ්වාසභංගය ගම්මන්පිළ මහතාට එරෙහිව නොගෙන මුළුමහත් ආණ්ඩුවටම එරෙහිව ගෙනඒමට යෝජනා කරමින් ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්‍රීවරුන් එක්කිරීමේ සැලසුමක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බවට ද දේශපාලන ආරංචි හෙළිකළේය.

Exit mobile version