ගම්පොල ජල ටැංකිය තුළ මිනියක් දින 56ක්  නරක් නොවී තිබුණේ කොහොම ද?. අධිකරණ වෛද්‍ය විග්‍රහයක්…

ගම්පොල රෝහලේ අඩි 40 ක් උස වතුර ටැංකියක තිබී හමුවූ දින 56 කට පෙර මියගිය සාජන් වරයාගේ මළ සිරුර දින පනස් හයක් නරක් නොවී පැවතියේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුවත් එය විද්‍යාත්මක පෙන්වා දිය හැකි සාමාන්‍ය තත්වයත් බව   මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සුබ්‍රමනියම්  ලංකසරට පැවසීය.

මියගිය  පුද්ගලයා කොවිඩ් ආසාදිත ව සිට පශ්චාත් කොවිඩ් සංකූලතා හේතුවෙන් ගම්පොල රෝහලට ඇතුළත් කර තිබිණ.

දින දෙකකට පසුව රෝහලේ දී අතුරුදන් වූ මෙම පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් රෝහල් පොලිසියට හෝ තදාසන්න පොලිස් ස්ථානවලට සොයාගත නොහැකි විය.


ඔහුගේ මළ සිරුර රෝහල් වතුර ටැංකියේ  තිබී හමුවන විට සැලකිය යුතු පරිදි මළ සිරුර නරක් වීමකට භාජනය වී නොතිබිණි.

මියගොස් දින 56කට පසු එලෙස මළ සිරුර නරක් නොවී තිබෙන්නේ කෙසේද යන්න ගැටලුවක්ව පැවතියද එය ඇතැම් කාරණා සමග සාමාන්‍ය තත්වයක් බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවැසීය.

” මළසිරුරක් සාමාන්‍යයෙන් දින තුනකදී නරක් වීමට පටන් ගන්නවා. සිරුරේ අභ්‍යන්තර පටක වල නරක් වීමක් සමග දුර්ගන්ධයක් දී ඒ වෙත මැස්සන්   එනවා.  මැස්සන්ගෙ  පාද වල සිටින පණුවන් හෝ  පණු බිත්තර මගින් මළ සිරුර කෙටි කාලයක් තුළදී පනුවන් ගසා කුණු වී දියර ගලන තත්ත්වයට පත්වීමට පටන් ගන්නවා.“

“නමුත් පරිසර වෙනස්වීම්වලට අනුව උෂ්ණත්වය සීතල තෙතමනය  රසායනික ද්‍රව්‍යයක් සහිත පසුබිමක් ඇති ස්ථාන හෝ ලුණු සාන්ද්‍රණය සහිත ස්ථානවලදී මළ සිරුරක් නරක් නොවී තිබීමේ හැකියාවක් පවතිනවා. ඊට හොඳම උදාහරණය ඊජිප්තුවේ මමී“.

“දින 56 කට පෙර මිය ගිය මෙම පුද්ගල මළ සිරුර ගැන සලකන්න.  එය සාමාන්‍ය ජලය පිරී තිබෙන ටැංකියක රැඳී තිබුණු මළ සිරුරක්. එපමණක් ද නොවේ. මේ ටැංකියට වරින් වර විශාල ධාරිතාවයක් සහිත ජලය එකතු වෙනවා. ඒ වගේම හිරු රස්නය වැටෙන අතරම වාතය ඇතුළු වීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. සිද්ධ වෙනවා නම් ඒ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි.

මේ වගේ තත්ත්වයක් මත රසායනික ක්‍රියාවලියක් සිදුවිය හැකි ඉඩක් ඇති වෙනවා.  එම රසායනික ක්‍රියාවලියට අනුව ආමාශයේ ඇති බැක්ටීරියා වර්ධනය වීමක් ඔස්සේ සිරුරේ ඇති මේද දේහ තරලයක් ලෙස තවදුරටත් මතුපිටට පැමිණීමේ ක්‍රියාවලියක් සිදු විය හැකියි. සරලව කිවහොත් එය සබන් නිෂ්පාදනයේ දී සිදුවන ක්‍රියාවලිය ට සමානයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවන් මේද තට්ටුවක් තරලයක් ලෙස සිරුර පුරා වර්ධනය වීමෙන් අනතුරුව මළ සිරුරට කිසිදු හානියක් සිදු වන්නේ නෑ. මේද තරලය සකස් වූවායින් පසුව මේ මළ සිරුරට මැස්සො ඇදී එන්නෙත් නැහැ.

Exit mobile version