ගම්පහ-රාගම රෝහල්වල මළසිරුරු ගොඩගැසෙයි- ආදාහනාගාරවල තදබදයක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්පහ කසගහවත්ත සහ වැලිසර ආදාහනාගාර දෙකෙහි කොවිඩ් ආසාදිත පුද්ගල දේහයන් දවස පුරා ආදාහනය කළත් මෘතශරීරාගාර තුළ දේහ ගොඩගැසෙමින් ඇති බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර ලංකාසරට පැවසීය.
ගම්පහ රෝහලින් පිටවන කොවිඩ් ආසාදිත දේහ 08ක් පමණ දිනකට ගම්පහ කසගහවත්ත ආදාහානගාරයේ ආදාහනය කරන බවත් රාගම රෝහලින් පිට කරන කොවිඩ් ආසාදිත දේහ 05ක් පමණ වැලිසර ආදාහනාගාරයේ ආදාහනය කරන බවත් පැවසේ.
එක් දේහයක් ආදාහනය කරන්නට පැය එක හමාරක් පමණ ගතවන බවත් අනතුරුව ආදාහනාගාරය සිසිල් වෙන්නට හැර අනෙක් දේහය ආදාහනය කළ යුතු බවත් පැවසේ.
මේ තත්වය තුළ සාමාන්‍ය මරණත් සඳහාත් ආදාහනාගාරවල ඉඩ ලබා දිය යුතු බැවින් ගම්පහ සහ රාගම රෝහල්හි මෘත ශරීරාගාරවල බරපතල තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
මේ වනවිට ගම්පහ සහ රාගම රෝහල්වල කොවිඩ් ආසාදිත මෘතදේහ ගොඩගැසසෙමින් ඇති බවත් සමහර කොවිඩ් ආසාදිත දේහ දින මරණය වී දින 07ක් පමණවන බවත් රෝහල් ආරංචි මාර්ග හෙළිදරවු කළේය.
මේ තදබදය නවත්වා ගැනීම සඳහා අනෙක් අදාහානාගරවල කොවිඩ් සිරුරු ආදාහන කටයුතු සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් බලධාරීන් ඒ සඳහා අනුමැතියක් ලබා දීමට කටයුතු කර නැත.

Exit mobile version