ගම්පහ කොවිඩ් ආසාදිතයන් 394ක් නිවෙස්වල… බහුතරයකට ස්වසන අබාධ මතුවෙලා…

කීර්ති ප්‍රනාන්දු –

සෑම රෝහලක්ම හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ම පිරී ගොස් ඇති නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15හි කොවිඩ් ආසාදිත රෝගීන්   රෝගීන් 394ක් නිවෙස් තුළ තබන්නට සිදුවී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ලංකාසරට තහවුරු කළේය.

මෙය අතිශය බරපතල අවදානමක් බවත් මේ රෝගීන්ගෙන් බොහෝ දෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතා, ඇදුම හා හති තත්වයන් ඇති වී තිබෙන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති දිවුලපිටිය කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක පැවසුවේය.

මේ පිළිබඳව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය දැනුවත් කළ විට ඇය උපදෙස් දුන්නේ ලඟම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත හෝ රෝහල වෙත යොමු කරන ලෙස වුව ද කිසිම ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඉඩ කඩ නැති බව ඔහු පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අප පත්ව ඇති භයානක තත්වය සම්බන්ධව දැනුවත්ව හැකි තරම් සංචරණය අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

 

Exit mobile version