ගම්පහට  තවත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 02 ක්… ඇඳන් 5000ක්

ගම්පහ දිස්ත්‍රික්කය තුළ    තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට කටයුතු කරගෙන යනව බව ගම්පහ දිස්ත්‍රික්  සංවර්ධන කමුටවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්  විතාන පවසයි.

ඒ අනුව කටුනායක සහ මීරිගම ප්‍රදේශවල වසා දමා ඇති කර්මාන්ත ශාලා ගොඩනැගිලි දෙකක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබාගැනීමට නියමිත බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ සඳහ ආයෝජන මණ්ලයේ නිලධාරීන් සමග කතා කර එම කර්මාන්තශාලා මේ වනවිටත් ලබාගෙන ඇති බව  ඔහු කියයි.  මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකෙහි ඇඳන් පන්දහසක් පමණ දැමිය  හැකි බව ඔහු පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ  පැවති රැස්වීමේ දී ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ද වසා දමා ඇති කර්මාන්තශාලාවක ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට තීරණය විය.

 

 

Exit mobile version