මනම්පිටිය නිමල් ජයරත්න –
රුපියල් ලක්ෂ පනස් හතරක් පමණ වටිනා මැණික් ගල් තුනක් අලෙවි කිරීමට යන පුද්ගලයකු මාදුරුඔය හේනානිගල ප්රදේශයේදි නවතා රාජකාරි ගිනිඅවියෙන් අහසට වෙඩිතබා, බියගන්වා එම මැණික් ගල්තුන පැහැර ගැනීමට සම්බන්ධ සැකපිට, හේනානිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයා, වනජීවී නියාමකවරුන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු ගිනිඅවියක් සහ අත්මාංචුවක් සමග අද (23) සවස අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි,
සැකකරුවන් සතුව තිබූ පැහැරගත් මැණික් දෙකක්ද, ඔවුන් භාවිතා කළ රිපීටර් වර්ගයේ ගිනි අවියද අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. පී. බණ්ඩාර අප කළ විමසීමේදී සඳහන් කළේය.
ජූලි 7 වෙනිදා රාත්රියේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ පිළිබඳ පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව දුරකථන අංක උපයෝගීකර කරගනිමින් කරන ලද විමර්ශනයට අනුව අදාල වනජීවීනිලධාරීන් තිදෙනා සහ ඒ සඳහා ඔත්තු ලබාදුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව කොට්ඨාශ විමර්ශන අංශය සඳහන් කරයි,
ලක්ෂ පනස්හතරක් වටිනා මැණික් ගල්තුන රැගෙන ආ පුද්ගලයාගෙන්, කනිච්චියගල ප්රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු එය දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ අයෙකුට අලෙවි කිරිම සඳහා හේනානිගල මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අදාල වනජීවී නිලධාරීන් අහසට වෙඩි තබා ඔහු බියගන්වා මෙම මැණික් ගල්තුන පැහැරගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 40 ත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් 24 වෙනිදා පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සිල්වාගේ වූ උපදෙස් පරිදි, පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. පී. බණ්ඩාර ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 42229 පී. ආර්. රංග කුමාර, පොලිස් සැරයන් 68973 කේ,ඒ,එස්. අතාවුද, පොලිස් කොස්තාපල් 65318 සිල්වා, පොලිස්, රියදුරු 33869 එන්. පී ප්රසාද් යන නිලධාරීහු මෙම වැටලීම් සිදුකළහ,