ගණේමුල්ලේ දී සැකකාර තරුණයෙක් STF  වෙඩි පහරින් මරුට…

STF

ඊයේ රාත්‍රියේ ගණේමුල්ල සුමේධ මාවතේ නිවසක දී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විසින් පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

පසුගිය 09 වැනිදා  සෙනසුරාදා ජා ඇල පොලිස් වසමේ දඬුගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ අපරාධයකට අවශ්‍යකරන සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට යෑමේ දී සිදුවූ වෙඩි හුවමාරුවක දී මෙම පුද්ගලයා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කියයි.

මෙම වැටලීම කර තිබුණේ ගෝණහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් විසිනි.

මියගොස් ඇත්තේ ඇහැලියගොඩ බුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.


වෙඩි හුවමාරුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් ද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගණේමුල්ල පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

Exit mobile version