බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝ හොරු ඇල්ලුවද කියන අයට කියන්නේ… නුදුරේදීම නීතියට අනුව ගෙදරට සිතාසිය එයි… එදාට හැංගෙන්න තැන් හොයන්නෙ නැතිව ඉදිරිපත් වෙන්න… ! අධිකරණ ඇමති කියයි…

by editor
ජනවාරි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතාම ක්‍රමානුකූල විමර්ශනවලින් පසු නිසි ලෙස නඩු පැවරීම් සිදුකරන බවත් නිවසට සිතාසිය පැමිණි පසු සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් වැනි තැන්වල සැඟවෙන්නට උත්සාහ නොකර අධිකරණයට ඉදිරිපත්වන ලෙස හොරු ඇල්ලුවාදැයි ආණ්ඩුවෙන් අසන හොරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා කීවේ තුනෙන් දෙකක ජනතා බලයක් තිබුණ ද ආණ්ඩුවේ සියලුම නියෝජිතයන් ද නීතියේ විධානය සහ ආධිපත්‍යයට යට බැවින් කිසිම නීති විරෝධී කටයුත්තක් සිදුකිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බැවින් නඩු පැවරීම සඳහා අවශ්‍ය විමර්ශනවලට යම් සාධාරණ කාලයක් ගන්නා බවත් එතෙක් කලබල නොවී සිටින ලෙසත් ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“අපේ ප්‍රතිවාදීන් විසින් කතාවක් ගොඩනගන්න හදනවා මේ ආණ්ඩුව ආවා… අච්චර බලයක් තියනවා… මෙච්චර බලයක් තියනවා… මුකුත් කරන්නෙ නෑ කියලා. දැන් මේක තමයි ප්‍රතිවාදින් මවන්න හදන පින්තූරය.”

“මම ඉස්සරවෙලාම පැහැදිලි කරන්නට ඕන අපි සම්පූර්ණ ආණ්ඩුවක් පිහිටෙව්වෙ කවදාද?. නොවැම්බර් 18. 14 ඡන්දය තිබ්බා. 18 වැනිදා පිහිටෙව්වා. දැන් මේ ආණ්ඩුවට මාස 2යි. මාස දෙකක දී මේ රට විනාශ කරන්න දායක වෙච්චි, මේ රටේ මුදල් හොරකම් කරන්න වංචා කරන්න දායක වෙච්චි පුද්ගලයින් රට වට්ටන්න ගිය පුද්ගලයින් අපෙන් ප්‍රශ්න කරනව ඔය ගොල්ල මොකක් ද කළේ කියලා.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“ඔව්… අපට කාලය අවශ්‍යයයි. අපට ඡන්දය දුන්න අය ඡන්දය දුන්නේ අවුරුදු 05ක් තුළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මිසක් මාස දෙකෙන් සියල්ලම කරන්න කවුරුත් බලාපොරොත්තු වුනේ නෑ. ”

“රටට නීතියේ විධානය ආධිපත්‍ය අත්‍යාවශ්‍යයයි. ඒක නැතිව අපට හැකියාවක් නෑ කිසිම දෙයක් ක්ලීන් කරන්න. නීති තියෙන්නෙ වැරදි කරන අයට දඬුවම් කරන්න මිසක් හොඳ මිනිස්සුන්ට දඬුවම් කරන්න නෙමෙයි. දැන් අලුත් කතාවක් ගොඩනගමින් යනවා… මොකක්ද ?.. කෝ හොරු ඇල්ලුව ද?… අපිට තුනෙන් දෙකක් බලයයක් අපට තියනවා. ඒක ඇත්ත. තුනෙන් දෙකේ බලයක් තිබුණට අපි කලින් ආණ්ඩු වගේ නෙමෙයි. මම තමයි හොඳටම කළේ… මගේ කටේ වචනය තමයි වැදගත්… චක්‍රලේඛ මොකට ද?, එහෙම යන ඒකාධිපති ආණ්ඩුවක් නෙමෙයි මේක. මොකද බලය තියන අපිත් නීතියේ විධානය ආධිපත්‍යයට යට නිසා.”

“දැන් අපි විමර්ශන ආරම්භ කරලා තියනවා. ඒ විමර්ශනවල ප්‍රගතිය මට එළියට වාර්තා කරන්න බෑ. නමුත් යම් විමර්ශන ප්‍රමාණයක් අපි කඩිනම් කරලා තියනවා. පාස්කු ප්‍රහාරය ඉන් එකක්. අපි කිසි කෙනෙකුගෙන් දේශපාලනිකව පලි ගන්නේ නෑ. නමුත් රටේ නීතිය හැමටම පොදුයි කියලා පෙන්වන්නට ඕන. මේච්චර කාලයක් වාට්ටුවල හිටපු දුමින්ද සිල්වා දැන් ඉන්නේ සෙල් එකේ. බදු නොගෙවපු අර්ජුන් ඇලෝසියස්ලා හිරේ ඉන්නවා. බදු අය කරනවා. දැන් අර ඉස්සර වගේ බලය ධනය තියන කෙනාට එක් නීතියකුත්,  බලය ධනය නැති කෙනාට තව නීතියකුත් කියන සංකල්පය අපි පැහැදිලිවම වෙනස් කරලා තියනවා. ”

“ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මත්පැන් සමාගමේ නොගෙවූ බදු මුදල් අය කරගන්න කටයුතු කළෙත් අපි. මෑත ඉතිහාසයේ සුරාබදු ආදායම කෝටි විසි දාහක් වුනෙත් මේ අවුරුද්දේ. ඒ වගේම බිම් මට්ටමේ මත්ද්‍රව්‍ය මැඩලන්න හරි වැඩපිළිවෙළක්…. ඒ කියන්නේ කලින් තිබුණ යුක්තිය මෙහෙයුම වගේ නෙමෙයි දේශබන්දුගේ. උසාවියෙන් වැරදිකාරයෙක් වුන ඔහුව අයින් කරලා අලුත් පොලිස්පතිවරයෙක් පත් කරගන්නෙත් අපි. මේ මාස දෙකට කරපුවා. මෙතෙක් ගොඩබිමදි එකවර සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුගේ විශාලම මුදල සොයා ගත්තේත් මේ ළදරු ආණ්ඩුවම තමයි. අපේ කාලය පොඩියි. හැබැයි අරමුණු පොඩි නෑ.

ඒ නිසා නීතියේ විධානය ආධිපත්‍ය රකින්න විමර්ශන කරනවා. ඒවා නිසි ලෙස විමර්ශනය නොකර නඩු පැවරුවොත් ඒ අය නිදහස් වෙලා යනවා. ඒ නිසා මේ කලබල කරන කට්ටියට අපි කියන්නේ මෙච්චරයි.

නීතියට අනුව ඔබලාට ගෙවල්වලට සිතාසියක් එයි. එතකොට එන්න. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් හරි කොහේ හරි හැංගෙන්නේ නැතිව. එච්චරයි අපේ ඉල්ලීම තියෙන්නේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පිස්සු අර්චුනාට වැඩ වරදී… පොලිස් රාජකාරියට බාධා කරමින් ජාතීන් අතර ගැටමක් ඇති කරන ප්‍රකාශ කළාට පොලිස් විමර්ශනයක්!

Next Post

ජනපති පළමු අය – වැය පූර්ව සාකච්ඡාවටය මුදල් අමාත්‍යාංශ නිලධාරින් කැඳවයි….

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.