කෝප් කමිටුවෙන් අනුරත් අස් වෙයි! අස් වුන ගණන 09යි..

Total of 9 members have now resigned!

තමන් ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

කෝප් කමිටුවේ බරපතල පිරිහීමට සහ කෝප් කමිටුව සභාපතිවරයා සම්බන්ධව දැඩි අප්‍රසාදයකට ලක් වූයේ රංජිත් බණ්ඩාර එහි සභාපතිත්වය දරන වකවානුවේ දී බව කී අනුර කුමාර දිසානායක පැවසුවේ රෝහිත අබේ ගුණවර්ධන පත් කළේ රංජිත් බණ්ඩාර ඇති වූ විරෝධයට උත්තර දීමට බවය.

ඔහු මෙසේ පැවසුවේය.

දේශපාලනයේ හය හතර තේරෙනවා නම් මේ පත්වීම කරන්නේ නෑ.  මේකෙ තිබුණේ ගේමක්.  උඹලට රංජිත් එපා නම් අපි දෙන්නෙ රෝහිත වගේ එකක්.  හරි අපරිනත දේශපාලන ගේමක් මෙතන සෙල්ලම් කළා.


මොකද රංජිත් බණ්ඩාර විරුද්ධනම් අපි දානවා රෝහිතව. ඒ නිසා ගේමට තමයි රෝහිත අබේ ගුණවර්ධන පත් කරලා තියෙන්නේ.

ඔහුගේ චර්යාවන් ඔහුට තියන චෝදනා…  ඔහුගෙ නඩු…  සමහර නඩු අවසන් වෙලා නෑ. සමාජයෙ තියන මතයන්, සියල්ල සැලකිල්ලට භාජනය කළාට පස්සේ ඔහු මුලසුන දරන කෝප් සබාවට  තවදුරටත් සහභාගී වී වැඩක් නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මමත් ඉල්ලා අස් වෙන්න තීරණය කරලා තියනවා.

Exit mobile version