කෝටි 190ක පාඩු පිට සී.ජී.ආර් ඉන්දීය ණය ආධාරයෙන් දුම්රිය එන්ජින් අරන්    

ජාතික විගණන කාර්යාලය කරනු ලැබු විගණනයක දී හෙළි වේ...

ලලිත් චාමින්ද –

ඇමරිකානු පැකේජය අත්හැර  ඉන්දීය ණය ආධාර යටතේ  දුම්රිය එන්ජින් මිලදී ගැනීම නිසා  ඇමරිකාඩු ඩොලර් මිලියන 10.5ක් හෙවත්  රුපියල් මිලියන  1,905.23ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයක දී  අනාවරණය වී ඇත.

දුමිරිය එන්ජින් මිලදිගැනීම සඳහා  අමාත්‍ය මණ්ඩලය විසින්  සාකච්ඡා සම්මුති  කමිටුවක් පත්කොට තිබුණි. එම කමිටුව විසින්  ඇමරිකානු මුල්‍ය පැකේජය යටතේ වු අශ්වබල 3000ක එන්ජිමෙහි ඇස්තමේන්තුගත මිල හා  ඉන්දීයානු ණය ආධාර යටතේ  එම්/එස් රයිටස් සමාගම විසින් ඉදිරිපත් කළ මිල සඳහා ශුද්ධ වර්තමාන අගයන් සැසඳීම  විදේශ සම්පත් දේපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදුකරතිබුණි.

ඒ අනුව ශුද්ධ වර්තමාන අගයන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව  ඇමරිකානු එන්ජින් ඉන්දීය එන්ජින්වලට වඩා ආර්ථික වශයෙන් වඩා ලාභදායි බව විදේශ සම්පත් දේපාර්තමේන්තුව මගින් තීරණය කර තිබුණි.


නමුත් ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධාර යටතේ  දුම්රිය එන්ජින් මිලදිගැනීම නිසා  ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත්  රුපියල් මිලියන  1,905.23ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇති බව 2019 වර්ෂයට අදාලව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ඩොලර් ණය ගිවිසුම යටතේ  2017 වර්ෂයේ ජුනි 06 වැනි දින  ඉන්දීයානු Exim  බැංකුව විසින්  දුම්රිය මාර්ග පුනරුත්ථාපන කටයුතු සඳහා  ඩොලර් මිලියන 136ක ණය ප්‍රදානයක් සලසා තිබුණි. එහෙත් එම කාර්ය සඳහා පුමුඛත්වයක් ලබා නුදුන් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

2018 වර්ෂයේ දත්ත අනුව  සේවයේ යෙදිය හැකි දුම්රිය එන්ජින් 111ක් ද ඇතුළු දුම්රිය එන්ජින් 150ක බලඇණියක්  දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවතුණි. දුම්රිය ධාවනයට අවශ්‍ය අනිකුත් අවශ්‍යතාවල වර්ධනයක් සිදුනොකර  පවතින කාලසටහන් අවශ්‍යතාවයන්ද සැලකිල්ලට ගත්විට  නව දුම්රිය එන්ජින් මිලදී ගැනීමෙන්  එන්ජින් ඇණිය පමණක් වැඩිකිරිමෙන්  ධාවන කාර්යසාධනය  වැඩිකිරිම දුෂ්කර වී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දුම්රිය දෙපාර්තමේන්තුවට “රෝලින්“ තොග මිලදි ගැනීම සඳහා  ඩොලර් ණය රේඛා ගිවිසුම යටතේ  ඩොලර් මිලියන 177ක ප්‍රතිපාදනයෙන්  එස් 13 බලවේග කට්ටල 06ක් මිලදී ගෙන තිබුණි. දුම්රිය දේපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබු  ඉංජිනේරු ඇස්තමේන්තුව ඉක්මවා  රුපියල් මිලියන 236.10 ක් වැඩියෙන් වැයකර එම බලවේග කට්ටල මිලදිගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

Exit mobile version