කෝටි 114ක බාල බෙහෙත් ගෙන්වා ලෙඩ්ඩුන්ට බෙදූ හෙණ ගහන අපරාධය විගණනයෙන් හෙළි වූ හැටි!

ලලිත්  චාමින්ද –

වෛද්‍ය සැපයුම්  අංශය විසින්  රජයේ රෝහල්වෙත නිකුත්කොට තිබු වෛද්‍ය සැපයුම්වලින්  රුපියල් කොටි එකසිය දහතුනකුත් ලක්ෂ හයසිය හැට හතරක් (මිලියන 1,136.64ක්) වු වෛද්‍ය සැපයුම් තත්වයෙන් අසමත් වි තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

තත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් අතුරින් බොහොමයක  විදුරුකැබලි ,  දෘශ්‍ය අංශු පැවති බවත්, මියගිය කැරපොත්තෙකු සිටි බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.  

පෙති කැඩියාම, වර්ණය වෙනස්විම  බ්‍රිතාන්‍ය ඖෂධවේදි පිරිවිතරයන්ට අනුකුල නොවිම, දක්නට ලැබුණු බවද  අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ 03ක් සිදුවිම, ක්ෂුද්‍රජීවි දුෂණය  ආදිකරණු හේතුවෙන්  මෙම  ඖෂධ   භාවිතයෙන් ඉවත්කර හෝ භාවිතය අත්හිටුවා තිබුණි.


2020 වර්ෂයේ දි  තත්වයෙන් අසමත්ව භාවිතයෙන් ඉවත් කළ  වෛද්‍ය සැපයිම් අතර  ප්‍රතිජිවක ඖෂධ  අසාත්මිකතා හා පිළිකා හ ඇදුම යන භාවිතා කරණ ඖෂධ  තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම තත්වයෙන් අසමත් බව රෝහල්වෙත දැනුම් දෙන අවස්ථාව වනවිට  ඉතිරි වෛද්‍ය සැපයුම් ප්‍රමාණය කොපමණ ද යන්න හඳුනාගෙන නොතිබුණි. සමාලෝචිත වර්ෂය (2020) තුළදි  පිරිවැය රුපියල් මිලියන 14.38ක් වු  තත්වයෙන් අසමත් ඖෂධ  වර්ග 13කින් ඒකක 609,561ක් පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහල වෙත  ලැබි තිබු අතර  ඉන් ඒකක 529,443ක් සියයට 86.85ක්පමණ  රෝගින් වෙත නිකුත්කොට තිබුණි. එම ඖෂධ භාවිතා කරණු ලැබු රෝගින් සම්බන්ධයෙන්  කිසිදු පරික්ෂාවක් හෝ විමසිමක් සිදුකර නොතිබුණි. 

ඉතිරිවි ඇති ඖෂධ සම්බන්ධයෙන් පමණක්  ගතයුතු ක්‍රියාමාර්ගයන් චක්‍රලේඛන මගින් දැනුම් දි තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල පරිච්චේදය තුළදි  තත්වයෙන් අසමත්ව තිබු වෛද්‍ය සැපයුම්වල පිරිවැය  රුපියල් මිලියන 2,364.69ක් වු අතර එම මුදල  අදාල සැපයුම්කරුවන්ගෙන් අයකරගෙන  නොතිබුණි. ඒ තුළ ඖෂධ නිතිගත සංස්ථාවෙන් මිලදි ගැනීම්  රුපියල් මිලියන 2.111. 46ක්, දේශිය මිලදි ගැනිම් රුපියල් මිලියන 60.61ක්, දේශිය නිෂ්පාදකයින්ගෙන් මිලදිගැනිම්  රුපියල් මිලියන 109.96ක්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් මිලදි ගැනිම්  රුපියල් මිලියන 81.95ක්, සහ  ශල්‍ය ගෝස් මිලදි ගැනිම්  රුපියල් 732,330ක් වු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඇතැම් වෛද්‍ය සැපයිම් තත්වයෙන් අසමත් බවට  චක්‍රලේඛ නිකුත්කරන අවස්ථාවන වනවිට එම ඖෂධ  කල්ඉකුත්වි තිබීම හේතුවෙන්  තත්වයෙන් අසමත්විම නිසා සිදුවු අලාභය  අයකරගත නොහැකිවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

මේ පිළිබද විගණන වාර්තාවලින් දිගින් දිගටම හෙලිකළ ද 2021 වර්ෂයේ අගෝස්තු මස 31 දින වනවිටත්  මෙම තත්වය  මගහැරගැනිම සදහා  ඖෂධ රෝහල්වලට  නිකුත් කිරිමට පෙර තත්වය පරික්ෂා කිරිමේ ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කරනොතිබුණි. 

තත්වයෙන් අසමත් ඖෂධ පිළිබඳ දැනුම්දිමේ චක්‍රලේඛ  නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන්  තත්වයෙන් අසමත් ඖෂධ  රෝගින්ට ලබාදිමේ වැලැක්විමේ  අරමුණින් 2020 වර්ෂයේ සිට පරිගණක පද්ධතිය මගින්  වෛද්‍ය සැපයුම් භාවිතය අත්හිටුවිමේ නියෝග  අදාල රෝහල් වෙත ආයතන වෙත දැනුම් දෙන බවට  විගණනය වෙත  දැනුම් දි තිබුණි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවුවද   1521ක්වු සමස්ත රෝහල් පද්ධතියෙන්  රෝහල් 1381ක එම පරිගණක පද්ධති ස්ථාපිත කර නොතිබිම නිසා  එම අරමුණ ඉටුකරගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ තවදුරටත් සදහන් වේ.

Exit mobile version