කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුලු 4ක් අත්අඩංගුවට…

මාතර – සම්පත් –

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වයිට් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු සිවු දෙනෙක් අත්අඩංගුට ගැනීමට  මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඊයේ රාත්‍රියෙ  (29) සමත් විය.

මෙසේ අත්තඩංගුවට පත් වූයේ කොරගහ හේන අත්තුඩාව පාලටුව පදිංචි 25 හැවිරිදි හා 38 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්, මේ එක් කාන්තාවකගේ  සැමියා හා හෙරොයින් ගැනුම් කරුවෙකි.  අනෙක් කාන්තාවගේ සැමියා මෙ වනවිටත් මත්කුඩු ජාවාරම පිළිබඳ වරදකට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

සැකකරුවන් පිරිස

කාලයක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කරන   මෙම සැකකරුවන් සන්තකයේ තිබී ඊෂි කෑෂ් ජාවාරමට යොදාගන්නා ජංගම දුරකතන පහක් පොලිසිය සොයාගෙන ඇති අතර එක් වටිනා  ජංගම දුරකතනයක් මෙම සැකකරුවන්ට ප්‍රධානය කර ඇත්තේ එක් ප්‍රධාන ජාවාමරම් කාරයෙක්  බොහෝ කාළයක් මත්ද්‍රව්‍ය වෙළදාමේ යෙදීම නිසා ත්‍යාගයක් වශයෙන්ය.


මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් සිව්දෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි  චන්දන හේරත් ගේ උපදෙස් මත මාතර පොලිස් අධිකාරි 1 විජේගුණවර්ධන මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්   කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති   උප පොලිස් පරීක්ෂක අසෝක ප්‍රියංකර පොලිස් සැරයන් 56615 සුනිල්  පොලිස් සැරයන් 6403 වීරසිංහ පොලිස් සැරයන්  37066 පතිරණ පොලිස් සැරයන් 55836 ක්‍රිශාන්ත පොලිස් කොස්තාපල් 66649 ජනක පොලිස්  කොස්තාපල් 86160  වසන්ත පොලිස් කොස්තාපල් රියදුරු 80473 වසන්ත යන නිලධාරීන් වැටලීමට එක් විය.

Exit mobile version