කෝටි 6.5ක වියදමින් පිටරටින් ගෙන්වූ ඖෂධයක් දේශීයව නිපදවා වෙළෙඳපළට නිකුත් කෙරේ…

දේශීයව ඖෂධ නිපදවීම පුලුල් කිරීමේ වැඩ සටහන යටතේ ඖෂධ ගණනාවක් රට තුළ නිපදවීමට සැලසුම්...

This Thursday, May 3, 2018 photo shows bottles of gabapentin at Daniel's Pharmacy in San Francisco. The 25-year-old non-opioid pain drug is one of the most prescribed medications in the U.S., ranking ninth over 2017, according to prescription tracker GoodRx. Researchers attribute the recent surge to tighter restrictions on opioids, which have left doctors searching for alternatives for their patients. (AP Photo/Jeff Chiu)

ශ්‍රියානි වි‌ජේසිංහ –         

රුපියල් මිලියන 65ක මුදලක් වාර්ෂිකව වැය කර විදේශයන්ගෙන් මෙරටට ආනයනය කළ ඖෂධයක් මෙරට නිෂ්පාදනය කර වෙළදපොලට නිකුත් කිරිමට අද (16) පෙරවරුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාද සංස්ථා පරිශ්‍රයේදී  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ස්නායු රෝගීන් සදහා ලබා දෙන “ගැබාපෙන්ටින්” නැමැති ඖෂධය මෙසේ නිෂ්පාදනය කල බව සංස්ථාව සදහන් කරයි.

මෙම ඖෂධය මෙරටට ආනයනය කිරිම සදහා පෞද්ගලික අංශය වාර්ෂික රුපියල් මිලියන 50ක් වැය කල අතර රාජ්‍ය අංශය මිලියන 15ක් වැය කර ඇති අතර මින් ඉදිරියට එම මුදල් ඉතිරිකර ගත හැකි බවද ඇමතිවරයා සදහන් කරයි.


මින් ඉදිරියට විදේශයන්ගෙන් ගෙන්වන තවත් බොහෝ ඖෂධ මෙරටට තුළ නිෂ්පාදනය කරන බවද ඇමතිවරයා අවදාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඖෂධය නිකුත් වෙළදපොලට නිකුත් කිරිමේ අවස්ථාවට ළමා ස්නායු රෝග විශේඥ අනුරුද්ධ පාදෙනිය ද සහභාගි විය.

Exit mobile version