කොළඹ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධි ඒකාධිකාරය රජය බිඳ දමයි.!

දැනට කොළඹ වෛද්‍ය පීඨයට පමණක් සීමා වී ඇති වෛද්‍ය පශ්චාත් උපාධි ලබාදීම, පුළුල් කරමින් පේරාදෙණිය, රුහුණ හා යාපනේ විශ්වවිද්‍යාල  වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතන තුනක් පිහිටුවීමට මිලියන 60ක මුදලක් වෙන් කරන බව ඊයේ (14) අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙරට වෛද්‍යවරුන්ට, පශ්චාත් උපාධි හැදෑරීම සඳහා කොළඹ වෛද්‍ය පීඨයට පමණක් ඒකාධිකාරයක් පැවති අතර එයින් සිදුවෙන අපහසුතා පිළිබඳ පැහැදිලි කරමින්, වෛද්‍ය ප්‍රජාව තවත් පශ්චාත් උපාධි ආයතන පිහිටුවන ලෙස රජයෙන් කරන ලද ඉල්ලීම සළකා 2023 අයවැයට මෙම යෝජනා ඉදිරිපත් කර ඇතැයි රජයට සම්බන්ධ උසස් නිළධාරියෙක් ‘ලංකාසර’ ට පැවසීය.

ජනාධිපතිවරයාට අනුව මෙම පශ්චාත් උපාධි ආයතන සඳහා ලබන වසරට රු. මිලියන 60ක් වෙන් කර ඇත.

මීට අමතරව නව වෛද්‍ය පීඨයක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට අනුබද්ධව ස්ථාපනය කරන බව පැවසූ ජනාධිපතිවරයා එමඟින් වෛද්‍ය විද්‍යාව සඳහා තවත් පිරිසක් බඳවා ගත යැකිවෙනු ඇති බව ප්‍රකාශ කළ අතර ඒ සඳහා රුපියල් මිලියන 200ක් ලබන වසරේ අයවැයෙන් වෙන් කරන බව ද සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුරුණෑගල, පොළොන්නරුව හා බදුල්ල රෝහල් , ශික්ෂණ රෝහල් බවට පත් කිරීම පිළිබඳව ද කටයුතු කරන බව ජනාධිපතිවරයා අයවැය ප්‍රකාශනයේදී පැවසීය.

Exit mobile version