කොළඹ රාජ්‍ය සහ පෞද්ගලික සේවක සේවිකාවන් අරගල බිමට සහයට රොක්වෙති

curfew

ජනාධිපති මන්දිරය සහ ගාලු මුවදොර අසල සාමකාමී විරෝධතාවට එල්ල වූ දරුණු මැර පුහාරයට විරෝධය දක්වමින් මේ වනවිට කොළඹ නගරයේ පිහිට රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් විරෝධතාකරුවන්ට සහය පළ කරමින් ගාලුමුවදොර පරිශ්‍රයට පැමිණෙමින් සිටින බව වාර්තා ව්. මේ අතර ශ්‍රි ලංකා මහ බැංකුව, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානය කොළඹ ජාතික රෝහල ඇතුළු ආයතන ගණනාවක සේවක සේවිකාවන් මේ වනවිට විරෝධතාකරුවන් ට සහය පළ කිරීම සඳහා පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උදෑසන අරලියගහ මන්දිරයට එක් රැස්වී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් නොවන ලෙස බලකරමින් සහය පල කිරීමට පැමිණි මේ කණ්ඩායම් විසින් මෙම ගෝඨාගෝගම පුහාරයට සම්බන්ධ වූ අතර මෙහිදී අරලිය ගහමන්දිරය ඉදිරිපිට මයිනාගෝගම විරෝධතා පරිශ්‍රයේ පිරිසටද පහර දීමක් සිදුවිය. මේ වනවිට 23 දෙනකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Exit mobile version