කොළඹ නගරයේ පී.සී.ආර්. පරීක්ෂණ 1188ක්

covid-sri-lanka-testing

ශ්‍රියානි විජේසිංහ –                                                    

වසංගත රෝග විද්‍යාඅංශයේ මගපෙන්වීම යටතේ  කොළඹ නගරයේ පීසීආර් පරික්ෂණ අඛණ්ඩව ඉදිරියට සිදුකිරිමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි   සඳහන් කරයි.

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ පසුගිය 5 වෙනිදා පීසීආර් පරික්ෂණ සිදුකිරිම ආරම්භ කළ අතර   අද (11) දිනය වන විට පරික්ෂණ 1188ක් සිදුකළ අතර ඉන් 431ක්ම කොළඹ නගරසභා සේවක සේවිකාවන්ගේ බවද හෙතෙම පෙන්වාදේ.

කොළඹ නගරයේ සිදුකල පීසීආර් පරික්ෂණවලින් කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 4දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා දිගටම පරික්ෂණ සිදුකරන බවද වෛද්‍ය විජේමුණි පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ නගරයේ වැඩබිම් හා කර්මාන්තශාලා ආශ්‍රිව පීසීආර් පරික්ෂණ සිදුකිරීම අඛණ්ඩව කරගෙන යන බවද පැවසේ.

Exit mobile version