කොළඹ නගරයට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය – ගැටුමින් 19ක් රෝහලේ

කොළඹ දකුණ, මධ්‍යම සහ උතුර පොලිස් කොට්ඨාස සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය පුකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරයි. මේ අනුව කොළඹ නගර සීමාව තුළ කොළඹ 01 සිට 15 දක්වා සියලු ම පුදේශවලට මෙම පොලිස් ඇඳිරි නීතිය නැවත දන්වන තුරු ක්‍රියාත්මක වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පෙරවරුවේ අරලියගහ මන්දිරය ඉදිරි පිටට රැස්වූ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන විශාල පිරිසක් ගාලු මුවදොර අරගල භූමියට කඩා වැදී එහි උද්ඝෝෂණය කරමින් සිටි ජනතාවට පහර දී එම ස්ථානයේ පැවති දේපළවලටද හනි කරමින් කළහකාරී අයුරින් හැසිරීම හේතුවෙන් මෙම ඇඳිරි නීතිය ප්‍රකශහයට පත් කෙරිණි. තවමත් මෙම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් පවතින අතර මෙම ප්‍රහාරවලින් තුවාල ලත් 19 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.

Exit mobile version