කොළඹ ජාතික රෝහලේ තිබූ රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදල් තමන් කොල්ලකන ලද්දේ ණය පියවීමට මුදල් සොයාගැනීමට බව අත්අඩංගුවේ පසුවන සැකකාර වෛද්‍යවරයා පවසා තිබේ.
ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ රුපියල් ලක්ෂ 25ක පමණ ණය ගෙවීමට ඇති බවයි.
සැකකාර වෛද්‍යවරයා මෙලෙස කොල්ලකා තිබුණේ කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය වෙත ලබාදීමට සූදානම් කර තිබූ අතිකාල දීමනා මුදල් ය.
සැකකරු වෙනත් රෝහලක සේවය කරන්නෙක් වන අතර විශේෂඥ වෛද්‍යවරයකු වීමට ආසන්නව සිටි ඔහු ඒ සදහා වන පුහුණුවක් ලැබීමට තාවකාලිකව කොළඹ ජාතික රෝහලට පැමිණ ඇත.
මුදල් කොල්ලකා පලායද්දී ඔහු අත්අඩංගුවට ගැනුණු අතර ඒ වනවිට සැකකරු බීමතින් සිටි බවටත් ඔහු මානසික අවපීඩනය වෙනුවෙන් ප්‍රතිකාර ගන්නා අයකු බවටත් මූලික පරීක්ෂණවලදී පොලීසියට හෙළිව ඇත.