කොළඹ ජාතික රෝහලට කොවිඩ් නිසා අසාධ්‍යයයි…. ඇත්ත තත්වය මෙන්න…

කොවිඩ් වාට්ටු 09ම පිරී ඉතිරී ගොස් රෝගීන් බිම පැදුරු එළා නිදිකරවන්නට වන තත්වයට වැටී ඇති කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ රියදුරන් සියයට 90ක් කොවිඩ් ආසාදිතව සිටින බවත්, හෙද කාර්ය මණ්ඩලය, කණිෂ්ට කාර්ය මණ්ඩලය මෙන්ම රෝහලේ පවිත්‍රතා කටයුතු භාර කාර්යමණ්ඩලය සීඝ්‍රයෙන් ආසාදිතවන තත්වයක් තුළ සමස්ථ ක්‍රියාවලියම බිඳ වැටී රෝගී මරණ සංඛ්‍යාව ඉදිරි  දෙසතිය තුළ දී බරපතල ලෙස ඉහළ යා හැකි බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

කොළඹ ජාතික රෝහල තුළ කොවිඩ් රෝගීන් සදහා වාට්ටු 9ක් වෙන් කර ඇති අතර රෝගීන්ගේ සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ. මේ වන විට එම වාට්ටුවල ඉඩ නොමැති වීමෙන් ඇතුළත් කර ගන්නා කොවිඩ් රෝගීන්ට වාට්ටුවේ බිම පැදුරු එළා ප්‍රතිකාර කීරීමට රෝහල් පාලන අදිකාරිය ගෙන තිබෙන තීරණය හේතුවෙන් හෙද හෙදියන් මහත් දුෂ්කරතාවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර රෝහලේ ගිලන්රථ රියදුරන්ගෙන් සියයට 90ක් පමණ දෙනා කොවිඩ් ආසාදිතය වූවන් බවට පත්ව ඇති බැවින් රෝගීන් එහාමෙහා ගෙන යෑම අසාධ්‍ය රෝගීන්ව රෝහල් කරා ගෙන එම සඳහා අවට රෝහල්වල ගිලන්රථ රියදුරන් සහ හමුදා නිලධාරීන්ව යොදා ගැනීමට සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය‍.

මේ වන විට රෝහල් කාර්ය මණ්ඩ සෑම සාමාජිකයෙකුම කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙන බැවින් ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක වෙන අතර කොවිඩ් මරණ සංඛ්‍යාවේද සීග්‍ර වැඩිවීමක් සිදුවිය හැකි යැයි ඔහු පෙන්වාදේ.

.රෝහලේ හෙද හෙදියන් 52ක් මේ වන විට කොවිඩ් ආසාදිතව නිරෝදායනයට යොමු කර ඇති බැවින් රාජකාරියේ නිතරව සිටින සීමිත හෙදනිලධාරීට දින ගණනාවක් රෝගී සත්කාර සේවාවේ යෙදීමට සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එස්. මැදිවත්ත සදහන් කරයි

කෙසේ නමුත් මේ වන විට කොළඹ ජාතික රෝහල තුළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සියයකට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතව නිරෝදායනයට යොමුකර ඇති බැවින් රෝගී සත්කාර සේවාවන් සිදුකර ගැනීම දුෂ්කර වී ඇතැයි ද ඔහු පෙන්වාදේ.

තවදරෝහල් පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවසිටින පුද්ගලයින් ද සැලකිය යුතු අන්දමින් ආසාදිතයින් වන බැවින් වාට්ටු පිරිසිදුකිරීමේ ගැටලුවක්ද මේ වන විට උද්ගතව ඇතැයි ඔහු පෙන්වාදේ.

තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් මේ වන විට රෝග වාහකයින් බවට පත්ව ඇති බවත් ඔවුන් රෝහල් අවට කඩවල් වෙත යෑම, රෝගීන්ට හා ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ආහාරපාන ගෙනැවිත් දීම වැනි කටයුතුවල නිරත සිටින බවද මැදිවත්ත මහතා සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික රෝහල ආසන්නයේ පිහිටා ඇති මාතෘ රෝහලක් වන ද සොයිසා කාන්තා රෝහලේ පිරිසිදු කරන්නන් 13 දෙනෙකු ට කොවිඩ් වයිරසය ආසදනය වී ඇති අතර හෙද නිලධාරීන් 12 හා වෛද්‍යවරුන් 2ක් ද ආසාදිතයින් බවට පත්ව ඇතැයි වාර්තාවේ.

දිනෙන් දින ඉහළ යන කොවිඩ් වසංගතය මේ වන විට රෝහල් ධාරිතාවන් ඉක්ම යමින් පැවතීම ඉතා භයානක තත්ත්වයක් යැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.


Exit mobile version