කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය හෙට ඇරඹේ

කොළඹ නගරයේ විභූතිය මූර්තිමත් කරන යටත් විජිත වකවානුවේ ඉදිවූ ඓතිහාසික ගෘහ නිර්මාණයක් වූ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ජනපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙසින් හෙට (08) දින ආරම්භ වේ.

කොළඹ නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ පැරණි ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය කිරීම යළිත් ආරම්භ කරමින් ගෆුර් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම අරඹා ඇත.

ඒ යටතේ කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිංස්කරණය කිරීම නාගරික සංවර්ධන අධිකාරිය හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්ව හෙට (08) දින පෙ.ව 08.30 ට ආරම්භ කිරීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ව්‍යාපෘතිය එවකට නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජක්ෂ විසින් 2012 වර්ෂයේ ආරම්භ කරන ලද නමුත් වර්ෂ 2015 න් පසු අතරමඟ ඇනහිට තිබූ ව්‍යාපෘතියකි. මිලියන 620 ක වියදමකින් නැවත මෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වෙයිි.

Exit mobile version