කොළඹ කුලපති ආනන්ද හිමිගෙන් උපාධි ලබා ගැනීම සිසුහු ප්‍රතික්ෂේප කරති… කුලපති හිමි ආරාධිතයෙක් වෙයි…

කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින්  නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවෙ ආනන්ද හිමියන් පත් කිරීම ට විරෝධය පාමින්  අද ( 17 )    පැවති    උපාධි ප්‍රධානෝත්සවයේ දී කොළඹ විශ්වවිද්‍යාලයීය  උපාධි ලාභීහු  කුලපති ආනන්ද  හිමියන්ගෙන්  සිය උපාධිය ලබා ගැනීම  ප්‍රතික්ෂේප කළහ.

කුලපති හිමියන්ගේ දේශපාලනික පත්වීමට විරෝධය දක්වමින්  සිසුන් උපාධි ප්‍රධානෝත්සවයට පැමිණියේ   කළු පටි බැඳගෙනය.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස පත් කිරීමට එම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ද විරෝධය එල්ල කර තිබිණි.


මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින්  උපාධි මංජුසාව භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව  දන්වමින  කුලපතිනිය වෙත ලිපියක් යවා තිබුණු කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගම්    ඉල්ලා තිබුණේ  උපකුලපති තුමිය හෝ ආචාර්ය මහාචාර්යවරුන් අතින් හෝ උපාධි මංජුසාව ලබා දෙන ලෙසය.

එහි ප්‍රතිඵලයක් ලෙස උපාධි මංජුසාව උපකුලපති තුමිය අතින් ලබා දුන් අතර කුලපති  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්  විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස  එම අවස්ථාවට එක් වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුලපති ආනන්ද හිමියන්ගේ දේශපාලන පත්වීමට සිය  ලිඛිතව සිය විරෝධතාවය උපකුලපතිවරියට  දන්වමින්  මෙම උපාධි ප්‍රධානෝත්සවයට කළමනාකරණ  පීඨයේ ආචාර්යවරු සහභාගී නොවුහ.

Exit mobile version