කොළඹ හා ඒ ආශ්‍රිතව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් 30%ක්වත් ඩෙල්ටා ආසාදිතයන් සිටින බවට අනුමාන කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් දන්වා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
දැනට හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් නියැදිවලින් ලබාගෙන තහවුරු ඒවා බැවින් එමගින් ඩෙල්ටා ආසාදිතයන් සංඛ්‍යාව තීරණය කළ නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි.
එම නියැදි මගින් නිරූපණය වන්නේ ඒ ආශ්‍රිිතව බොහෝ පිරිසකට එම ප්‍රභේදය පැතිර ඇති බවට යැයි ද ඔහු කීය.
එබැවින් දැනට හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් සංඛ්‍යාවට වඩා බෙහෙවින් සැබෑ රෝගීන් ගණන වැඩිවිය හැකි බවට අපේක්ෂා කෙරේ.