කොවිෂීල්ඩ් හෙට නොවෙයි අනිද්දා…  ලලිත් වීරතුංග කියයි…

 නතාෂා  නෙත්මිණි  –                                                          

ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අනිද්දා (28)  “කොවිෂීල්ඩ්” නාමය යටතේ ලක්ෂ 5ක ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග  සදහන් කරයි.

මෙම මුල්ම තොගය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියලෙන්නට හා කොරෝනා මර්දන වැඩසටහනට සක්‍රීය දායකත්වයක් ලබා දෙන හමුදාවේ සහ පොලිසියේ නිලධාරින් ලක්ෂ 3කට පමණ ලබා දීමට 29 වෙනිදා සිටම   කටයුතු කරන බව ඔහු පැවසීය.

එන්නත ලබා දෙන දෙවන කණ්ඩායම   වයස අවුරුදු 60ට ඉක්ම ගිය ලක්ෂ 38ක ජනතාව බව ඔහු කියයි.     ඉන් ප්‍රමුඛත්වය බෝනොවන රෝගයන්ගෙන් පීඩා විදින වැඩිහිටියන්  සඳහා ලබා දීමට අදහස් කර ඇතැයිද  ඔහු සඳහන් කරයි.   


එන්නත ලබා දිය හැක්කේ රටේ ජනගහනයෙන් සියයට 65ක ප්‍රමාණයක් පමණක් වන අතර ඉතිරි සියයට 35  වන කුඩා දරුවන් ගැබිණි කාන්තාවන් කිරිදෙන මව්වරුන් හා දරුවන් සඳහා ලබා නොදෙන බවද ඔහු කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනහණයෙන් ලක්ෂ 130ට (සියයට 65) එන්නත ලබා දීම සඳහා රෝහල් 1050ක් සෞඛ්‍යඅමාත්‍යංශය සතුව පවතින බවත් ඉන් රෝහල් 950ක් පහසුකම් ඉහළින්ම පවතින බවත් සඳහන් කළේය‍.

 

Exit mobile version