60ට වැඩි අයට කලින් 30ට වැඩි අයට එන්නත් දෙන්න තීන්දු කළ අය කවුදැයි ඇමතිවරයෙක් කියයි

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් එන්නත්කරණයේදී වයස අවුරුදු 60කට වැඩි අයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස පැහැදිළිව ප්‍රකාශ කර තිබියදී 30ට වැඩි වයස් කාණ්ඩයට සඳහා ද එන්නත්කරණය මුල් අවස්ථාවේදීම ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කළේ කොවිඩ් කමිටුවේදී ම බව රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ලංකාසරට පැවසීය.

මෙම කමිටුවට ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන් සියල්ලම සහභාගී වුණු බවත් එම කමිටුව නියෝජනය කළ සාමාජිකයන් ඒ මොහොතේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බොහෝ විට නිවවෙස්වලට වී සිටින අය බැවින් රටේ ආර්ථික ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වන අවුරුදු 30ට වැඩි කාණ්ඩයට මුලින්ම ප්‍රතිශක්තිකරණයක් ඇති කළ යුතු බවට යෝජනා කළ බව සඳහන් කළ මෙම අමාත්‍යවරයා මේ බව කොවිඩ් කමිටුව නියෝජනය කළ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාද පැහැදිළිව පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවුවද මෙම කමිටුවට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යංශ නියෝජිතයන්ගේ අදහස වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මඟ පෙන්වීම්වලට අනුව වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත්කරණය සිදු කිරීමටත් දැනට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ස්ථාපිත ක්‍රමවේදය තුළ සෙසු රාජ්‍ය ආයතනද සහභාගි කර ගනිමින් ගම් මට්ටමින් කඩිනමින් එන්නත් ලබා දීමට ඒ අනුව යෝජනා කෙරුණද එතන සිටි ඇතැම් පන්ඩිතයින් ජනාධිපතිවරයාද නොමග යවමින් වෙනම ක්‍රමෝපාය යෝජනා කළ බවත් ඒ හේතුවෙන් වසංගතයේ උච්ඡතම අවස්ථාවට එලඹෙන්නට පෙර වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට එන්නත දීමේ අවස්ථාව මග හැරුණු බව මෙම අමාත්‍යවරයා පිළිගත්තේය.එම තීරණය මුලින්ම ගත්තේ නම් සිදුව ඇති මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගත හැකිව තිබු බවද හෙතෙම සඳහන් කළේය.


Exit mobile version