කොවිඩ්-19 මඬින උපදෙස් ඇතුළත් CD තැටි පාසල් වෙත බෙදාහැරේ

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ පාසල් ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් මාර්ගෝපදේශ ඇතුළත් “යහපුරුද්දෙන් සුව පැවැත්මක්” නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා පාසල් වෙත බෙදාහැරීමට නිල වශයෙන් අධ්‍යාපන ලේකම්වරයා වෙත භාරදීම අද (04) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකර තිබේ.

මෙම සංයුක්ත තැටි එළඹෙන පාසල් ආරම්භය වනවිට දිවයින පුරා සියලු පාසල් වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම්වලට අනුගතව මේ වනවිටත් නිකුත් කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශයන්ට සමගාමීව මෙය නිකුත් කර ඇත.


ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අන්‍රග්‍රාහක දායකත්වයෙයෙන් මෙය නිෂ්පාදනය කර තිබේ.

මීට අමතර ව මෙම සංයුක්ත තැටිය මගින් ලබා දී ඇති උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙතින් හෝ සංයුක්ත තැටියෙහි සඳහන් වන තීරු කේතය (Barcode) පරිශීලනයෙන් youtube වෙතින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෙබ් අඩවියෙන් ද ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර, සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version