කොවිඩ්-19 එන්නතක් ලියාපදිංචි කරන පළමු රට වීමට රුසියාව ලෑස්තියි

පූර්ණ ඵලදායී කොරෝනා මඬින එන්නතක් ලියාපදිංචි කළ ලොව පළමු රට බවට පත්වීමට රුසියාව සූදානම් වෙයි.

මොස්කව් හි ගමාලියා ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද COVID-19 එන්නත අගෝස්තු 12 වන දින රුසියාවේ ලියාපදිංචි කරන බව එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් තහවුරු කර තිබේ.

මෙම එන්නත ගමාලියා පර්යේෂණ ආයතනය සහ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එක්ව සංවර්ධනය කර ඇතැයි ඇතැම් වාර්තාවල සඳහන් ය.


එන්නත මේ වනවිටත් ලබාදීමට සූදානම් වුවත් තව තවත් පශ්චාත් ප්‍රතිඵල පිළිබඳ පර්‍යේෂණවලට ලක්කරමින් පවතින බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

හෙතෙම අවධාරණය කර සිටින්නේ මෙම එන්නට පූර්ණ ලෙසම ආරක්ෂාකාරී බවට තහවුරු වන බවය.

මෙය අත් හදා බැලූ සියලුම දෙනා පූර්ණ වශයෙන් ධනාත්මක ප්‍රතිඵල අත්කර දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් පළමු එන්නත් ලාබීන් වන්නේ වෛද්‍ය වෘත්තිකයන් හා වයස්ගත අය බව ද ඔහු හෙළිකර තිබේ.

Exit mobile version