කොවිඩ් සුව වී ගෙදර පැමිණි කරෙයිනගර් ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ගොදුරක් වී මරුට

දිනසේන රතුගමගේ –

යාපනය කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.කේතිස්වරන්   කොරෝනා රෝගයට බිලි වීමෙන් ඊයේ ( 21) දා යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබේ.

සභාපතිවරයාට කොරෝනා රෝගය වැළදී සුවය ලැබීමෙන් පසුව නිවසට පැමිණ සිටියදී යළි  අසනීප වීම නිසා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියයන විට 61 වෙනි  වියේ පසු වූ යාපනය කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ  ආදාහන කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව යාපනයේ පොම්මාවේලී  ආදාහනාගාරයේදී අද ( 22 ) සිදු කිරීමට නියමිතව තිබුණි.


 

Exit mobile version