කොවිඩ් සායනික කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්වෙයි

doctor

කොවිඩ් -19 සායනික කමිටුවෙන් තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉවත් වී තිබේ.

ඒ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතායි.

මෙම කමිටුවෙන් මීට පෙර ඉවත්ව තිබුනේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ය.


ඒ අනුව කොවිඩ් සායනික කමිටුවෙන් ඉවත් වූ දෙවැනි විශේෂඥ වෛද්‍යවරයා අශෝක ගුණරත්න මහතාය.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නගේ ඉල්ලා අස්වීමටද පසුබිම් වී ඇත්තේ විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යංශය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැතිව එන්නත්කරණය සම්බන්ධව ගනනා ලද තීරණ බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හම්බන්තොට වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය විජේවික්‍රම තුළ පවතින අප්‍රසාදයම මෙම වෛද්‍යවරයාද පළ කර ඇති බව වාර්තා වන අතර මීට පෙර මහනුවර පුදේශයේ ජනතාවට ස්පුට්නික් එන්නත ලබා දීමේදී අදාළ එන්නත් ලාභීන්ගෙන් පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීම සෑහෙන බවට සඳහන් කර අත්සනක් ලබා ගැනීමේ සදාචාර සම්පන්න නොවන අවිද්‍යාත්මක තීරණය සම්බන්ධයෙන්ද තම අකැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

Exit mobile version