කොවිඩ් සමග ඩෙංගුත් වැළඳිය හැකියි… වෛද්‍යවරයෙක් වෙත යොමුවන තුරු උණට පැරසිටමෝල් විතරක් ගන්න…

මේ දිනවල පවතින උණ රෝගය සදහා පැරසිටමෝල ඖෂධය පමණක් ගැනීමට රෝගීන් වඩාත් කල්පනාකාරී වන්නැයිද ශරීරයේ උෂ්ණත්වය අඩුකර ගැනීම සදහා වෙනත් ඖෂධ භාවිතයෙන් වැලකී සිටීම ඉතාමත් වැදගත් යැයිද ඩෙංගු මර්දන වැසටහනේ විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් පැවසුවාය.

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව පවසන වෛද්‍යවරිය ඩෙංගු වයිරසය සමග කොවිඩ් වයිරසයද සීඝ්‍රයෙන් පැතිර යාම නිසා ඩෙංගු සහ කොවිඩ් වයිරසයන් දෙකම ආසාදනය වන පුද්ගලයින්ද සිටිය හැකි බැවින් උණ, ඇගපත වේදනාව හිසරදය වැනි රෝගලක්ෂණ මතු වන්නේ නම් පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ භාවිතා නොකරන ලෙසත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමුවන ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

ඩෙංගු වෛරස් කාණ්ඩ දෙකක් නොව,කාණ්ඩ හතරම මේ දිනවල රටපුරා පැතිර යන බැවින් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව ඇය පෙන්වා දුන්නාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝහල 10ක ප්‍රතිකාර ලබන උණ රෝගීන්ගේ නියැදි ගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදුකළ පර්යේෂණකය දී වයිරස් කාණ්ඩ හතරම මෙරට තුළ ව්‍යාප්ත වන බව තහවුරු කර ගැනීමට හැකි විනැයි ඇය පැවසුවාය.

Exit mobile version