කොවිඩ් සමග ඇරඹෙන් පාසල්වලට පාසල් සෞඛ්‍ය කටයුතු අංශයෙන් පණිවුඩයක්..

ශ්‍රියානි විජේසිංහ –                                 

අදියර කීපයකින් හෙට (10) සිට විවෘත වන පාසල්වලට පැමිණෙන සිසුන් සෞඛ්‍ය නිර්දේශයන් නිසියාකාරව පිලිපදින්නේද යන්න පිලිබඳව තදින්ම  සොයා බලන ලෙස සියලුම ගුරුභවතුන් වෙත දැනුම් දී ඇතැයි පාසල් සෞඛ්‍ය කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජාවෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය   සඳහන් කරයි.

කුඩා දරුවන්‌ මාස පහකට අදික කාලයක් පුරා නිවෙස් තුල රැඳී සිට පාසල් එන බැවින් ඔවුන්ට යහළු යෙහෙලින් දැකීමත් සමග  සෞඛ්‍ය උපදෙස් අමතක විය හැකි බැවින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්නැයි විශේෂඥවරිය ගුරුභවතුන්ගෙන් ඉල්ලා සිටියි.


දරුවන්ට සෞඛ්‍ය පුරුදු නිිස ලෙස අනුගමනය කරන සේ උපදෙස් දී ඔවුන්ව පාසල වෙත එවීමේ වැදගත්කම දෙමව්පියන්ද අවබෝධ කරගත යුතු බව ඇතැයි ඇය පෙන්වා දෙන ඇය එවැනි අවබෝධාත්මක කලමණාකරණයක් නොතිබුණහොත් කොවිඩ් වසංගතය යළි හිස එසවිය හැකි බව අනතුරු හඟවයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර   කොළඹ නගරයේ ඡන්ද මධ්‍යස්ථානයන් ලෙස හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් ලෙස    පවත්වාගෙන ගියපාසල් 102 සම්පූර්ණයෙන්ම විසබීජනාශක යොදා පිරිසිදු කර ඇති බැවින් දරුවන් පාසල් වෙත එවීමට කිසිදු බියක් ඇති කර නොගන්නැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි   දන්වා සිටී.

 

 

Exit mobile version