කොවිඩ් රෝහල්වල ICU ඇඳන් 40ටත් අඩුයි

සීමාව පැන්නොත් තත්ත්වය බරපතලයි

රට දැවැන්ත කොවිඩ් අවදානමකට මුහුණ දී ඇති නමුත් මේ වනවිටත් කොවිඩ් ආසාදිතයන් සඳහා කොවිඩ් සඳහාම වෙන් කළ රෝහල්වල ඇත්තේ දැඩි සත්කාර ඇඳන් හතලිහකට අඩු ප්‍රමාණයක් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

මේ තත්ත්වය වඩාත් අවදානම්කාරී වී ඇත්තේ මෙවර කොවිඩ් වෛරසයට ගොදුරු වන රෝගීන් ඇතැමකුට වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර ශ්වසන අපහසුතා පමණක් පෙන්වීමය. ඔවුන්ගේ තත්ත්වය තීව්ර වුවහොත් දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා ඔවුන් යොමු කිරීමට සිදුවනු ඇති අතර මේ තත්ත්වයට තරුණ පිරිස් වැඩි වශයෙන් මුහුණ දීම සැලකිය යුතු කරුණක් බව වෛද්‍යවරු පවසති. ඔවුන්ට මූලික කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වා පෙණහලු ආසාදනය කර නිව්මෝනියා තත්ත්වයක් කෙලින්ම ඇති කරන කොවිඩ් ප්‍රභේදයක් රට තුළ ඇතිවිට මෙය භයානක තත්වයක් බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට තුන්වන රැල්ලක් සඳහා දැඩි සත්කාර ඒකක සූදානම් කිරීම සෞඛ්‍ය අංශ විසින් අරඹා ඇතත් පුළුල් තක්සේරුවකින් යුතුව පවතින කොවිඩ් තත්ත්වය පාලනයට මැදිහත් නොවුණහොත් තව නොබෝ දිනකින් ලංකාවේ තත්ත්වය ඉන්දියාවේ තත්ත්වයටත් වඩා බිහිසුණු විය හැකි බව එම ආරංචි මාර්ග පවසයි.


Exit mobile version