කොවිඩ් රෝගීන් 6ක් නාගොඩ රෝහලින් පැන යයි… ඒ අතර කාන්තාවන් 03ක්…

කොවිඩ්

Monochrome of a man fleeing a grungy underground parking.

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාගොඩ මහ රෝහලේ අංක 03 කොවිඩ් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත කාන්තාවන් තිදෙනකු හා පිරිමි තිදෙනෙක් ඇතුළු හය දෙදෙනකු අද රාත්‍රි නාගොඩ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
ඔවුන් රෝහලේ බැම්මට ඉහලින් ඇති දැල් ආවරණ තුනක් ඉවත්කර පැනගොස් ඇති බව එම ආරංචි මාර්ග තහවුරු කළේය.

පැනගොස් ඇති කාන්තාවක හදුනාගෙන ඇති අතර , අනෙක් අයවලුන් කවුරුන්ද යන්න ලේඛන අනුව පරීක්ෂා කරමින් සිටින බවත්, රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් පැන ගිය අයවලුන් කවුරුන්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් පවසන රෝහල් ආරංචි මාර්ග සිද්ධිය සම්බන්ධව මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ.

කොරෝනා සැකසහිත අයවලුන් සහ ආසාදිතයින් එකම වාට්ටුවේ රඳවා ඇති බැවින්, රෝගීන් අතර යම් නොසන්සුන්තාවයක්ද පවතින බව පැවසේ.


Exit mobile version