වෛද්‍ය උපදෙස් නැතිව ගන්න ප්‍රතිජීවක කොවිඩ් රෝගීන්ට මාරාන්තික විය හැකියි…

කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති

priyadharshani-Galappaththi

මහාචාර්ය ප්‍රියදර්ශනි ගලප්පත්ති

කොවිඩ් ආසාදිත රෝගියෙකු හෝ නිරෝධායනට යොමුව සිටින පුද්ගලයින් නිවසේදී  ප්‍රතිජීවක ඖෂධයන්  භාවිතකිරිමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ පිලිබද මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සදහන් කරයි.

ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නේ නම් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ රෝහලක් තුළ  එය ලබා ගත යුතු වන අතර ඇතැමි ප්‍රතිජීවක ඖෂධයන් ශරීරයේ ප්‍රතිශක්තිය අවම කිරීමට ක්‍රියා කරන බවද ඇය පෙන්වාදේ.

කොවිඩ් ආසාදිත වූවෙකුගේ  ශරීරයේ ප්‍රතිශක්තිය අවම කිරිම කොවිඩ් රෝග තත්ත්වය උත්සන් කිරිමට  හේතුවක් විය හැකි බවද එය එම තැනැත්තාගේ ජීවිතයට දැඩි අනතුරුදායක තත්ත්වයන් මතු කිරිමට හේතුවක් විය හැකි යැයිද මහාචාර්යවරිය සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇතැම් ප්‍රතිජීවක ඖෂධයන් ප්‍රතිරෝධයක් දැක්විය හැකි බැවින් එය රෝගියාගේ සෞඛ්‍යයට  ඉතා බරපතල තත්ත්වක් ඇති කිරීමට හේතුවිය හැකි යැයිද ඇය පෙන්වාදේ.

Exit mobile version