කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න යුද හමුදාවෙන් රෝහලක්

කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා යුධහමුදාව මගින් රෝහලක් පවත්වාගෙන යාමට අද (07) සිට කටයුතු කර බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයාලේ විශේෂ ඉල්ලීම මත හමුදා නිරෝදායන මධ්‍යස්ථානයක් කොවිඩි රෝහලක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන අතර ඒ සදහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් ලබා දීමට සෞඛ්‍ය ලේකම්වරයා කැමැත්ත පළ කර ඇතැයිද ජෙනරාල්වරයා පැවසීය‍.

රෝග ලක්ෂණ නොපෙන්වන රජයේ රෝහල් තුල ප්‍රතිකාර ගැනීමට අකමැති කොව්ඩ් ආසාදිත වූවන්ට ප්‍රතිකාර ගැනීම සදහා පෞද්ගලික රෝහල්වල ඉඩ ලබාගැනීමට උත්සහ කලද ඒ සදහා ඉදිරිපත් වූයේ රෝහල් දෙකක්පමණක් බවත් ඉන් එක රෝහලක් ලබා දීමට කටයූතු කල හෝටලය රෝගීන්ගේ අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රමවත් සැලසුමක් නොමැති බැවින් එයද ප්‍රතික්ෂේප කිරීමට රජයට සිදුවුණ බව ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.


මේ අනුව ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීම මත හමුදා මැදිහත්ව අද (7) සිට ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සදහා නව රෝහලක් ස්ථාපිත කල බව ජෙනරාල්වරයා අවදාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට අපහසු රෝගීන්ට ස්ථාපිතකළ නව හමුදා රෝහලට ඇතුලත් විය හැකි බවද පැවසේ.

Exit mobile version