කොවිඩ් රෝගීන්ගේ අසාමාන්‍ය වැඩිවීමක්… සෞඛ්‍ය බලධාරීන් කියයි!

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ අසාමන්‍ය වර්ධනයක් මේ වන විට  පෙන්නුම් කරන බවත් එසේ රෝගීන් වැඩිවන මූලාශ්‍රයන් සොයා ගැනීමට පවා මේ වන විට අසීරු වී ඇතැයි නිවෙස්ගත කොවිඩ් රෝගී සත්කාර සේවාවේ ප්‍රධාන වෛද්‍ය මල්කාන්ති ගල්හේන   සඳහන් කරයි.

දිනෙන් දින රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වන බවත් මෙම රෝගීන් සමග කථා කිරීමේදී රෝගය ඔවුන්ට වැළදී ඇත්තේ කෙසේද යන්න පවා හෝ ඔවුන් නොදන්නා බවට ප්‍රකාශ කිරීම   මත රෝගය සමාජය පුරා මේ වන විට පැතිර ඇතැයි විශ්වාස කළ හැකියැයි ඇය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝගය තව දුරටත් පැතිරීම පාලනය කිරිම සදහා සෑම පුද්ගලයෙකුම සෞඛ්‍ය ආරක්ෂිත  උපක්‍රමයන් භාවිත කරන්නැයිද එසේ නොවුණහොත්  නැවතත් ජනජිවිතය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වක් ඇතිවන බවද ඇය පෙන්වාදේ.


Exit mobile version