තාවකාලිකව අහිමි වන ජීවනෝපාය වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට 2021 අයවැය මගින් යෝජනා කෙරේ.
අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේ දී සිදු කරන අයවැය ප්‍රකාශය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කළේ ය.
එහිදී 50 දෙනකු ඉක්මවන ආයතන මගින් 0.25%ක රක්ෂණ දායක මුදලක් අදාල රක්ෂණ ක්‍රමය වෙනුවෙන් අයකරගැනීමට යෝජනා කර ඇත.
පුද්ගලයන් 5 දෙනකුට වඩා සේවය කරන සිල්ලර කඩ මෙන්ම හෝටල් සඳහා ද මෙම රක්ෂණ ක්‍රමය යෝජනා කෙරේ.
එමෙන්ම පවතින වසංගත තත්වය හේතුවෙන් දුෂ්කරතාවට පත් වන පත්වන ජනතාව ඉලක්ක කර ගනිමින් කොවිඩ් රක්ෂණ යෝජනා ක්‍රමයක් ද හඳුන්වාදීමට අයවැය මගින් යෝජනා කර ඇත.