කොවිඩ් මිනියක් කරාපිටිය රෝහලම හොල්මන් කළ හැටි

ලලිත් චාමින්ද

ගාල්ල දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත  පුද්ගලයාගේ මෘත දේහය පිළිබද අවසන් කටයුතු  රජයේ නිරෝධායන නිතිරිතිවලට අනුකුලව කටයුතු නොකර    කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට තැබිම නිසා අධිකරණ වෛද්‍යවරුන් මෙන්ම එහි සේවකයින් දැඩි නොසන්සුන් තාවයට පත්ව සිටින බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විරෝධයක්


මෙම තත්වය නිසා  රෝහලේ අධිකරණ වෛද්‍ය පද්ධතිය කඩාවැටිමේ අවදානමක් පවතින බවද  අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පෙන්වා දෙයි. කොවිඩ් ආසාදිත   තිදරු පියකුගේ මරණය නිරෝධායන නිතියටතේ රජයේ නියමයන්ට අනුකුලව ආදාහනය කරණ ලෙස  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  විසින් නියෝග කළවිට පොලිසිය විසින් ඒය ක්‍රියාත්මක නොකොට මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කිරිම සම්බන්ධවද  අධිකරණ වෛද්‍යවරුන්ගේ හා එහි සේවකයින්ගේ විරෝධය පලවි ඇත.  නිරෝධායන නීතිරිති අමු අමුවේ උල්ලංඝනය කරමින්  කටයුතු කරඇති බවද අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

කොරෝනා  ආසාදිත මරණ තබාගැනිම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිශිතකරණ පහසුකම් නොමැති බවද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මේ පිළිබඳ අප කළ විමසුමකදි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු අප සමග මෙසේ කිවේය.

“මෙම පුද්ගලයා මියගොස් පැය 48කට පසු ගත්තු සාම්පල් තමයි පි.සි ආර් පරික්ෂණයකට ලක් කළේ. පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා.  හදිසි මරණ පරික්ෂකවරයා  නිරෝධායන පනත යටතේ මෙම කොවිඩ් මරණයක් නිසා ආදාහනය කරණ ලෙස නියෝග කළා. නමුත් පොලිසිය කළේ එම නියෝගය ක්‍රියාත්මක නොකර මියගිය අයගේ ඥාතින් සමග අධිකරණයට ගිය එකයි.

කොවිඩ් චක්‍රලේඛණ උල්ලංඝණය වුන හැටි

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්  විසින් අවසාන වතාවට නිකුත් කර ඇති චක්‍ර ලේඛණයට අනුව කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත්  දෙසැම්බර් 03  සංශෝධිත චක්‍රලේඛණය  අනුව  අනිවාර්යෙන්ම ආදාහනය කරන්න කියලා  ලිඛිතව දැනුම් දිලා තියෙනවා. අධිකරණ වෛද්‍යවරු හා හදිසි මරණ පරික්ෂකවරයා කටයුතු කරලා තියෙන්නේ ඒ චක්‍රලේඛනය අනුව.  පොලිසිය අධිකරණයට ගියාට මේ ගැන මරණ පරික්ෂකවරයා දැනුවත් කරලා නැහැ. මෙම මෘතදේහය  කපලා තියෙන්නේ. කොවිඩ් මරණ පමණක් තැන්පත් කරන්න අපිට වෙනම අධිශිතකරණ නැහැ. 

රෝහලේ 10 දෙනෙකු දිනකට මිය යනවා.  සාමාන්‍ය මරණ තැන්පත් කරණ අධි ශිත කරණ තියෙනවා. කොරෝනා මරණ එවායේ තැන්පත් කරන්න බැහැ. කොවිඩ් මරණයක් අධිශිතකරණය තුළ තැන්පත් කරලා තියෙන විට සති දෙකක් යනකම් වෛරසය නොමැරි තියෙනවා. මේ මෘත දේහය කඩිනමින් ඉවත් කළ යුතුයි. නැතිනම් ඉදිරියේ දි අධිකරණ වෛද්‍ය පද්ධතිය කඩාවැටිමේ පමණක් නෙවෙයි. අධිකරණ වෛද්‍ය අංශයේ සේවකයින් විරෝධතාවයකට යන්න පවා ඉඩ තියෙනවා“ යැයිද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මරණය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ   උපදෙස් පරිදි කටයුතු කරණ  ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්  පවිත්‍රා සංජිවනි පතිරණ   සඳහන්  කළාය.

ආදාහනය කරනවා ද භූමදාන කරනවා ද?

සක්‍රිය කොවිඩ් 19 ආසාදනය සහිත රෝගියකුට ඇතිවු හෘද රෝගි තත්වයක් හේතුවෙන්  මියගිය ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි  (84) නැමති තිදරුපියගේ මරණය සම්බන්ධව ගාල්ල මුලස්ථාන පොලිසිය මගින් අධිකරණය වෙත කරණු ඉදිරිපත් කොට තිබුණි. 

කොවිඩ් ආසාදනයෙන් මිය යන  මුස්ලිම්වරුන්ගේ මරණ ආදාහනය කරනවාද නැතිනම් භුමදානය කරණවාද යන්න  සම්බන්ධයෙන් මේ වනවිට කොළඹ දි සාකච්ඡාවක් පැවැත්වෙන බැවින්  ඒ සාකාච්ඡාවේ දි ගනු ලබන තිරණය ලැබෙන තෙක් මෘත දේහය තැන්පත් කර තැබීමට අවසර දෙන ලෙස මියගිය පුද්ගලයාගේ පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් අධිකරණයෙන් ඉල්ලිමක් කරණු ලැබිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත   තිදරු පියකුගේ මරණය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුකුලව ආදාහනය කරණ ලෙස  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  විසින් නියෝග කළවිට ආදාහනය කරන්නේ නම් ඥාතීන් සිරුර බාර නොගන්නා බවත්, භූමිදානය කරන්නට අවසර දෙනවා නම් පමණක් එය බාරගන්නා බව පවසමින්  මියගිය  අයගේ පුතෙකු  මරණ පරික්ෂණයේ දි ප්‍රකාශකොට තිබුණි.

 

Exit mobile version