කොවිඩ් මවකගෙන් තවත් නිවුන් දරු උපතක්…

නතාෂා නෙත්මිණි –                                            

නැගෙනහිර කොළඹ රෝහලේ කොවිඩ් ආසාදිත මවක් සිය  දෙවන නිවුන් දරු උපත අද (15) සිදු සිදුකළාය.  රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන්න  දෙවොලගේ   මේ බව තහවුරු කළේය. 

බේරුවල පදිංචි කාරිණියක්වන ඇය දරු ප්‍රසූතිය සඳහා කොළඹ පෞද්ගලිකරෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ඒ අනුව ඇය මුල්ලේරියාව රෝහල වෙත මාරුකර එවා ඇත.

ගර්භයට සති 37 වන විට ඇයට ගර්භ විෂාදිය සෑදුණු බැවින් සිසේරියන් සැත්කමකින් දරුවන් බිහිකර ගැනිමට වෛද්‍යවරුන් තීරණ කර ඇත.


මේ අනුව අද උදෑසන 9.30ට පමණ ඇයව සිසේරියන් සැත්කමට ලක්කල බව වෛද්‍ය මයුරමාන්න  සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට මව සහ නිවුන් දරුවන් සුවෙන් සිටින බවද පැවසේ.

 

Exit mobile version