කොවිඩ් මර්ධන දේශීය ඖෂධයේ සායනික පරීක්ෂණ දිගටම..

GURUGRAM, INDIA - MAY 7: Health workers of the Ministry of AYUSH hand out Ayurvedic medicine to people gathered to give swab samples for Covid-19 testing at John Hall, Civil Lines near Rajiv Chowk on May 7, 2020 in Gurugram, India. (Photo by Parveen Kumar/Hindustan Times via Getty Images)

නතාෂා නෙත්මිණි –                                                        

කොරෝනා මර්දනය සදහා වූ දේශීය ඖෂධයයේ සායනික පරික්ෂණ කටයුතු නොකඩවා ඉදිරියට කරගෙන යාමට සායනික පරික්ෂණය සිදුකිරීමට  බටහිර වෛද්‍ය කණ්ඩායම තීරණය කර ඇත.

මේ අනුව මෙම සායනික කටයුතු වතුපිටිවල රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් වෙනුවෙන් සිදුකල අතර ඉදිරි සායනික කටයුතු හෝමාගම සහ සාලාව  රෝහල් තුළ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා ක්‍රියාත්මක කරන බව එම වෛද්‍ය කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඖෂධය සම්බන්ධයෙන්  වෛද්‍ය විද්‍යානූකූල පර්යේෂණයක් සිදුකිරීම සදහා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි   විසින් විශ්ව විද්‍යාල මහචාර්යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබියදී  එම වාර්තාව නිකුත් වීමට  පෙර මෙම වෛද්‍ය කණ්ඩායම මෙවන් තීරණයක් ගෙන ඇත්තේ කුමක් නිසාද යන්න පිළිබදව අප කළ විමසුමකදී ඔහු සදහන් කළේ මෙම කමිටු වාර්තාවන් පැමිණීමට සැලකිය යුතු කාලයක් ගත වෙන බැවින් කොවිඩ් රෝගීන් සඳහා වන සායනික කටයුතු අඛණ්ඩව කරගෙන යාමට කටයුතු කරන බවකි.


Exit mobile version