කොවිඩ් මරණ 8500 පනී… අද මරණ 212යි…

තුන්වන දවසටත් දෛනික කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 200 ඉක්මවීය. කොවිඩ් ආසාදිතවූ තවත් 212 දෙනකු ඊයේ  මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,583 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 173 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය ය.  වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 37 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද වෙති.


මියගිය අය අතරින් 109 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 103 දෙනෙක් වෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ පිළිබඳව නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version