කොවිඩ් මරණ 200 ඉක්මවයි… අද මරණ 05යි…. ආසාදිතයන් 592යි…

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ගියේය.  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළ කොවිඩ් මරණ 05ත් සමග  මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 204කි.

මරණ 05න් 04ක්ම කොළඹින් පිටය.  දර්ගා නගරයේ පදිංචිව සිටි අවුරුදු 72ක පුද්ගලයෙක්, හෝමාගම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්, ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්, පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 75 හැවිිදි පුද්ගලයෙක් හා කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 592ක් වාර්තා විය. ඉන් 66ක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි 526 පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ය. කොවිඩ් දෙවන රැල්ලේ  සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 39 571කි. රජය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදන පහත දැක්වේ.


Exit mobile version