කොවිඩ් මරණ භූමදානයට අවසර දුන්නා… ආණ්ඩුව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට දන්වයි…

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් ආචාර්ය යූසෙෆ් අල් ඔතයිමීන්

කොවිඩ් 19 ආසාදනයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය සඳහා අවසර දීමට තීරණය කර ඇති බව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයාට ශ්‍රී ලංකා රජය ඊයේ (27) ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය විසින් මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ    විශේෂඥයින්ගේ තාක්ෂණික කමිටු  නිර්දේශ මත පදනම්ව එහි අනිවාර්ය ආදාහනය පිළිබඳ ප්‍රතිපත්තිය ආපසු හැරවීමට රජය තීරණය කර තිබිණි. මෙම තීරණයට බලපැවැත්වෙන ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා ආරච්චිගේ අත්සනින් බදාදා රාත්‍රියේ නිකුත් කරන ලදී.

දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි සුසාන භූමියක හෝ ඔහු විසින් බලය පවරන ලද ස්ථානයක කොවිඩ් -19 වින්දිතයින්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ඇත.


ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යන අනිවාර්ය ආදාහනය පිළිබඳ ප්‍රතිපත්තිය පිළිබඳව මීට පෙර ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා සිය අවධානය යොමු කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ රැස්වීමේදී ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් යූසෙෆ් අල් ඔතයිමීන් පැවසුවේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය අහිමි වී ඇති හෙයින් ඔවුන්ගේ තත්වය පිළිබඳව  තමන් සැලකිලිමත් වන බවය.

කෝවිඩ් -19 මියයන ජනතාව ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් වලට අනුව භූමදාන කිරීමට මුස්ලිම්වරුන්ට ඉඩ දෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් වන  ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ රටවල්වල සහයෝගය ලංකාවට එරෙහිව එක්සත් රාජධානිය  ඇතුළු ප්‍රධාන රටවල් සමූහය විසින් ඉදිරිපත් කළ යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට   ඉතා වැදගත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉරානය වැනි සමහර ඉස්ලාමීය රටවල් දැනටමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව කතා කර ඇත. ශ්‍රී ලංකාව දැනටමත් යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

Exit mobile version