කොවිඩ් මරණය මැද මන්ත්‍රිවරුන්ට ප්‍රාඩෝ වාසනාවක් !

At the expense of 243 crores!

කොවිඩ් වසංගතය හේතුවෙන් මතුව ඇති ආර්ථික අර්බුද හමුවේ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා ඇති පසුබිමක් තුළ රජය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ටොයොටා ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් 225ක් ගෙන්වා ලබා දීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

වෙනදා මෙන් වාහන ආනයන තීරු බදු රහිත බලපත්‍ර ලබා නොදී ඒ වෙනුවට ජීප් රථ 225ක් ආනයනය කොට ඔවුන්ට  ලබා දීමට රජය විසින් සකස් කරනු ලැබ ඇති යෝජනාව අද දින කැබට් මණ්ඩලය වෙත යොමු කිරිමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මීට අදාළ යෝජනාව මේ වනවිට කැබිනට් අමාත්‍යවරුන් වෙත ලැබීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව ටොයොටා ලෑන්ඩ් කෘෂර් ජීප් රථ 227ක් ඇතුළු වාහන 400ක් ආනයනය කිරීම සඳහා පියවර ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

ලංකාසර මේ පිළිබඳව පසුගිය මැයි මස 14 වැනිදා මුල් වරට අනාවරණය කළ අතර ඒ අනුව වර්තමාන හදිසි තත්ත්වය මත ගිලන් රථ, ජල බවුසර සහ ඩබල් කැබ් රථ ගෙන්වන අතරේ මෙම වාහන 225 ගෙන්වීමට අදාළ මූලික කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් තිබුණි.

කෙසේ වුවද මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව එන්ජින් ධාරිතාව 2755 ටොයොටා ලෑන්ඩ් කෘෂර් ජීප් රථ 227ක් සහ එන්ජින් ධාරිතාව 4460ක්වන ජීප් රථයක්ද සමඟ ජීප් රථ 228ක් ගෙන්වීමට යෝජනා කර තිබේ.

ටොයොටා ලංකා සමාගම හරහා ගෙන්වීමට නියමිත මෙම සම්පූර්ණ ජීප් රථ සඳහා එම සමාගම විසින් ඇස්තමේන්තුගත කරන ද මුදල රුපියල් රුපියල් කෝටි 243කට ආසන්න වේ.

ලංකා බැංකුවෙන් ලබා ගන්නා රුපියල් බිලියන 3.7ක කල් බදු පහසුකමක් යටතේ මෙම වාහන ගෙන්වීමට කටයුතු කෙරෙන අතර අදාළ කල්බදු වාරික ගෙවීමේ කටයුතු භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පවරා ඇති බව වාර්තා වේ. දැනට ආනයනය සම්බන්ධයෙන් බලපැවැත්වෙන දින 180ක ඉදිරි ණයවර විවෘත කිරීම් මත මෙම වාහන ආනයනය කිරීමට රජය සූදානම් වන බවත් කල්බදු සඳහා සියයට 7.5ක වාර්ෂික පොලී අනුපාතිකයක් ලබා දිමට ලංකා බැංකුව මේ වනවිට එකඟතාව පළ කර ඇති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් විසින් මෙසේ ගෙන්වන වාහන අතර ටොයොටා හයිඒස් ගිලන් රථ 50ක් පවතින අතර මේ සඳහා රුපියල් කෝටි 39 කට ආසන්න මුදලක් ඇස්තමේන්තු ගත කර ඇත. එමෙන්ම රුපියල් කෝටි 46ක් හිනෝ වතුර බවුසර 52 ක් සඳහා ඇස්තමේන්තු ගත කොට ඇති අතර ටොයොටා හයිලක්ස් ඩබල් කැබ් 52ක් සඳහා රුපියල් කෝටි 46ක් ඇස්තමේන්තු ගත කෙරී ඇත. මෙම සියලුම වාහන සඳහා රුපියල් කෝටි 370 ක් වැය වන බවට ඇස්තමේන්තු ගත කොට තිබේ.

වැඩිදුර කියවන්න….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


https://lankasara.com/si/පුවත්/ආණ්ඩුව-ප්‍රාඩෝ-ජීප්-225ක්-ඇ/ ‎

Exit mobile version