කොවිඩ් බෙදන්න එපා… වවුනියාවේ දෙමළ සංවිධාන  06ක් පෙළපාළි කරුවන්ට විරෝධය පාති

දිනසේන රතුගමගේ

පොතුවිල් සිට යාපනයේ පේදුරුතුඩුව පොලිකණ්ඩි දක්වා ගමන් කළ විරෝධතා රැළියට විරෝධය පල කරමින් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක් 6 දා දහවල් වවුනියාව පැරණි බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

උතුරු ප්‍රදේශය පුරා කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක පිට පළාත්වල ජනතාව එක් ස්ථානයකට කැඳවා දින ගණනාවක් ඔවුන් පෙළපාලි යාම නිසා යළිත් වරක් උතුරේ කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහල යා හැකි බව විරෝධතාකරුවෝ කියා සිටියහ.

පසුගිය කාලයේ කොරෝනා රෝගය නිසා උතුරේ දෙමළ හා මුස්ලිම් වැසියන් 12000 ක් පමණ නිරෝධායනයට ලක් වූ අවස්ථාවේදී මේ විරෝධතාවල නිරත දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් නිරෝධායනය වූ ජනතාව කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක් වූ බවටද විරෝධතාකරුවෝ චෝදනා කොට සිටියහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු හා නැගෙනහිර දෙමළ දේශපාලනඥයින්ගේ උවමනාවට හා කුළියට විශාල දෙමළ පිරිසක් රජයට එරෙහිව පෙළපාලි යාමෙන් සමස්ත දෙමළ ජනතාව කෙරෙහිම ශ්‍රී ලාංකික ජනතාව දැඩි වෛරයක් ඇති කර ගන්නා බව ද වවුනියාව පැරණි බස් නැවතුම්පල ඉදිරි පිට සිට විරෝධතාවය දැක් වූ පිරිස කියා සිටියහ.

Exit mobile version