කොවිඩ් බියක් නිසා මින්ක්ස් සතුන් මිලියන 17ක් මරා දමන්නට ඩෙන්මාර්කය තීන්දු කරයි..

කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයක් බිහි වීම නිසා සම් සහ ලොම් පිණිස ඇති කරනු ලබන    මින්ක්ස් නැමැති සතුන්  මිලියන 17 ක  ගහණයක් ඝාතනය කිරීමට ඩෙන්මාර්ක් රජය සූදානම් වේ.

මින්ක්ස් (Minks) යනු Mustelidae පවුලට අයත් වෙන කුඩා විලෝපිකයෙකි. මෙරට මුගටි විශේෂ වලට සමානතා දක්වන සතෙකි.

ඩෙන්මාර්කය යනු සම් සහ ලොම් නිශ්පාදනය කිරීම සඳහා  වාණිජමය වශයෙන් මිනික්ස් සතුන් ඇති කරන ලොව ප්‍රධානම රාජ්‍යය ය.   එරට  මිනික්ස් සතුන් අභිජනන මධ්‍යස්ථාන,   හා ලොම් නිශ්පාදන ස්ථාන රාශියක් පවතී.


නව කොරෝනා වෛරසයේ විකෘතියක් මේ සතුන්ට බෝ වීමත් එමගින් මේ මින්ක්ස් ගොවිපල වල වැඩ කරන එරට වැසියන් 12 ⁣දෙනෙකුට මේ වෛරසය ආසාදනය වීමත්, වෛරසය මේ සතුන්ගෙන් ආසාදනය වූ බව තහවුරු වීමත් නිසා මේ තීන්දුව ගත් බව එරට අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මේ වනවිට  අවම වශයෙන් මින්ක්ස් ගොවිපල 207 ක මේ වෛරසය ඇති බව සොයාගෙන ඇතැයි ඩෙන්මාර්කය වාර්තා කරයි. ඩොලර් මිලියන 785 ක වටිනාකමක් ඇති මිලියන 17 ක් වන පූර්ණ මින්ක්ස් ගහණයක් මෙලෙස ඝාතනය කිරීමට තීන්දු වී ඇත.

ලොව මින්ක්ස් සම් නිශ්පාදනයෙන් 40 ක් සිදු  කරන ඩෙන්මාර්කය මේ සතුන් ඝාතනය කිරීම⁣ට ගත් තීරණයත් සමග ලොව පුරා දැවැන්ත  විරෝධයක් මතු වෙමින් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්තත්ව ලෝලීන් මේ සිදුවීම සලකන්නේ   මානව ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසය.

Exit mobile version