කොවිඩ් පෙත්ත ගැන චන්න ඇමති අතේ පැළවෙන බොරු කියයි… ඇමති සුදර්ශනී නිවැරදි කරයි

ඇමෙරිකාවේ මර්ක් ඖෂධ සමාගම විසින් නිපදවන ලද කොවිඩ් වෛරස ආසාදනය සඳහා මුඛ මාර්ගයෙන් ලබා දෙන මොල්නුපිරවිර් (Molnupiravir) පෙත්ත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවෙන් අනුමැතිය ලැබූ බවට ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා මාධ්‍යයට කළ ප්‍රකාශය අමූලික බොරුවක් බව වාර්තා වේ.

ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ගවලට අනුව මෙම ඖෂධය අනුමත කිරීම සඳහා තවත් දත්ත සහ ලේඛන අවශ්‍ය බවට එම නිෂ්පාදකයා වෙත දන්වා ඇති අතර එම දත්ත ලැබෙන තෙක් මෙම ඖෂධය මෙරට රෝගීන් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබා දී නොමැත.

එසේ වුවද තාක්ෂණික කමිටුව මෙම තීරණය ලබා දීමට මත්තෙන් අමාත්‍ය ජයසුමන මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ එම ඖෂධය අනුමත බවය. මේ හේතුවෙන් තාක්ෂණික කමිටුවේ විශේෂඥයන්ද දඩි අපහසුතාවකට පත්ව ඇති අතර අමාත්‍යවරයා පසුව මෙම තාක්ෂණික කමිටු නිලධාරීන්ට තමන් මේ වනවිටත් මාධ්‍ය මගින් මෙම ඖෂධය අනුමත බවට ප්‍රකාශ කර ඇති නිසා එය අනුමත කරන ලෙස ඉල්ලීමක් ද කර ඇති බව සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද පොදුවේ මෙම විශේෂඥයන් එයට ප්‍රතිචාරයක් දක්වා නැත.

Exit mobile version